ජන සංඛාලේඛන අලුත් අධ්යක්ෂ පත් වෙයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
ඩිජිටල් සේවා වැට් බද්ද කල් දමයි නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
අරගලයෙන් පසුව මන්ත්‍රීන්ට දුන් නිවාස සහනය කපයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ’ වියත්පුර ’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවන්ට බාවා පදනමෙන් නොමිලේ උදව් පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් කටයුතුවලදී නොමිලේ උපදේශන සේවා ලබාදීමට ජෙෆ්රි බාවා පදනම තීරණය කර ඇත. 04 September 2025
කලා භවනේ අලුත් වැඩියාවට වැඩිපුර සල්ලි දෙයි ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
තිස්ස පොලිස් ජිප් රිය පැහැරගත් සැකකරු පොලිසියට බාර වෙයි තිස්සමහරාම පන්නගමුවේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය පැහැරගත් ගිය බව කියන සැකකරු මීට සුළු වේලාවකට පෙර බාර වූ බව පොලිසිය කියයි.. 04 September 2025
පොලිස් ජීප් රියකට සමාන රියක් මහනුවරින් අල්ලයි පොලිසියේ ඉහළ නිලධාරීන් භාවිතා කරන ජීප් රථයකට සමානව හැඩගන්වන ලද ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 04 September 2025
රට විරු දරුවන්ට ජනපති අරමුදලෙන් මුල්‍යාධාර ආපදා වලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 04 September 2025
සේනානායක සමුද්‍රයට ඉක්මන් අලුත් වැඩියාවක් සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය හා අවශේෂී කොටස් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියට සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
ආරවුල විසඳන්න ගිය පොලිස් රියත් උස්සලා තිස්සමහරාම පන්නගමුව ප්‍රදේශයේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් පාළු ප්‍රදේශයක දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 04 September 2025
රේගුවේ ඉදි කිරීමකට පෞද්ගලික හවුල්කරුවෙක් සොයයි කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට පෞද්ගලික හවුල්කරුවකු තෝරා ගැනීමේ අභිලාෂ කැඳවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
පාසල් වලට සිසුන් ඇතුළත් කරන්න නව චක්‍රලේඛයක් පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ අවලංගු කර නව චක්‍ර ලේඛ නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
පහේ කප් එක අම්බලන්ගොඩට මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම්.ඩබ්බ්ලිව්. ශනුදි අමායා ශිෂ්‍යාව සමත්වූවාය. 04 September 2025
වැඩකට නැති රාජ්‍ය ආයතන 33 ක් වසා දමයි ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 04 September 2025
කෝටි 30 කේරළ ගංජා මන්නාරමෙන් සෙයාගනී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් සඟවා තිබූ රුපියල් කෝටි තිහකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 896 යි ග්‍රෑම් 596ක් මන්නාරම නරිවිලකුලම් හිදී සොයාගත් බව මුරුණ්කන් පොලිසිය කියයි. 04 September 2025
ජන සහන දෙකකට මුදල් කාරක සභා අනුමැතිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබා දීම සිදුවිය. 04 September 2025
නවක වදයට මුල් වූ සරසවි සිසුවියන් 6ක් ඇතුළු 15ක් අත්අඩංගුවට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 04 September 2025
ගිනිගත් උක් මිලදී ගන්න රජය සූදානම් සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 04 September 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2025
මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. 03 September 2025
‘කෙහෙල්බද්දර පද්මේ’ ‘අයිස්’ මත්ද්‍රව්‍ය හදලා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ. 03 September 2025
රාජිතගෙන් ප්‍රකාශ ගනී කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත රාජිත සේනාරත්න මහතාගෙන් සිද්ධියට අදාළව පැය පහමාරක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම අල්ලස් කොමිසමේදී අද (03) සිදු කළේය. 03 September 2025
159 වැනි පොලිස් දින සැමරුම මහ ඉහළින් මෙරට ආන්දෝලනයට තුඩු දුන් ඝාතනයන් හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකිවී ඇත්තේ පොලිසියේ අවශ්‍යතාවක් හෝ කැපවීමක් නොමැති වීම නිසා නොව සෑම සිදුවීමක් තුළම දේශපාලන හස්තයක් තිබීම නිසා බව ජනාධිපති අනුව කුමාර දිසානායක මහතා පැවසීය. 03 September 2025
චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා පමාව ගැන විමර්ශනයක් චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. 03 September 2025
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද එයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 03 September 2025
මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් වෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. 03 September 2025
තවත් විද්‍යුත් වාහන 506 මුදා හරින්න එකඟ වේ රේගුවේ රඳවාගෙන ඇති ‘බී.වයි.ඩී’ විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණය හමුවේ අද (03) එකඟත්වයට පත්විය. 03 September 2025
ගම්මන්පිලගේ රීට් පෙත්සම හෙට විභාගයට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ හෙට (04) දින සළකා බැලීමට නියමිතය. 03 September 2025
මිනිස් හිස්කබල් හතරක් නයිවලින් හමුවේ සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 03 September 2025
කෝටි 31ක මත්ද්‍රව්‍ය කූරියර් තැපෑලෙන් කටුනායකට ඇවිත් රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක , සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (03) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 03 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026