ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
කොරියා ඍතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක් කොරියානු ජන රජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ලබන අයවැය සකසන්න කැබිනට් අනුමැතිය 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
උ.පෙ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ෂාරුක් එන බව නිල වශයෙන් දැනුම් දෙයි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ඛාන්, ලබන අගෝස්තු දෙවැනිදා මෙරට සංචාරය කිරීමට නියමිය. බොලිවුඩ් රජු, මෙරටට පැමිණෙන්නේ ‘සිටී ඔෆ් ඩී්‍රම්ස්’ හෝටල සංකීර්ණ නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයටසහභාගී වීමටය. 02 July 2025
කන්ටේනර් කතාවට බිමල්ගෙන් සැර පිළිතුරක් රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 02 July 2025
කණ්ඩලමේ තවත් අලියෙක්ට වෙඩි ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව තවත් වෙඩිවැදීමක් සිදු වු අලියෙකු කණ්ඩලම වැවි ඉස්මත්තේ සිටින අයුරු මේ දිනවල දැකිය හැකියි. 02 July 2025
කන්ටේනරයට ජනපති කරන දේ රටම බලන් ඉන්නවා කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 02 July 2025
තැනින් තැනට වැසි වාර කීපයක් බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවඑ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 02 July 2025
තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. 02 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක් රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය 01 July 2025
බස් ගාස්තුව සියයට 0.55 කින් අඩු වෙයි බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් අද (1) පස්වරුවේ පැවසීය. 01 July 2025
දේශබන්දු කමිටුවේ සාක්ෂි කැදවීම අවසන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීම අද (1) අවසන් විය. 01 July 2025
ඩෙංගු බෝ කරන 553 කට රතු නිවේදන විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 July 2025
ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති ඉන්දියානු බලශක්ති ක්ෂේත්රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ. 01 July 2025
ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙති පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් රැසක් මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 01 July 2025
කෝටි 22 ක ‘ටග් යාත්‍රාව’ විනාශයේ විමර්ශන අරඹයි ජපන් ආධාර යටතේ මෙරට ලැබුණු රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් ‘ටග් යාත්‍රාව’ ත්‍රිකුණාමලය වරායේ තිබියදී පෞද්ගලික සංචාරයකට යොදාගෙන අනතුරකට ලක්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස් රිමාන්ඩ් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනා ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ බන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහතාමිය අද නියෝග කළාය. 01 July 2025
‘‘මධ්‍යම පළාතේ ආයතන දැන් සම්පූර්ණයි‘‘ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක ප්‍රධානින් පත්කිරීම සාර්ථකව අවසන් කළ බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පැවසුවාය. 01 July 2025
‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘ පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 01 July 2025
’’ආණ්ඩුව ජනතාව මුලා කරලා’’ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 01 July 2025
මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්‍ර දිරන්න දාලා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්රාංගනයේ කෝටියකට වැඩි ටග් යාත්‍රා තුනක් සහ බත්තල් හයක්ද මුල්මුඩේ යන්ත්රාගාර පරිශ්‍රයේ තිබුණු වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්‍රාගාරයේ තිබූ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්‍රයක්ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 01 July 2025
හර්ෂ ඉලූක්පිටියට එරෙහි නඩුව කල් යයි විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබු තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට දඬුවම් නියම කිරීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කළේය. 01 July 2025
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක් ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පැවසීය. 01 July 2025
“ප්‍රජාශක්ති” ගැන මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කරයි සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ’’ප්‍රජාශක්ති’’ ජාතික වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 01 July 2025
දුෂණ විරෝධී වැඩට ජපානෙන් ඩොලර් මිලියන 2.5ක් දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ. 01 July 2025
රට විරු දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයැදුම්පත් කැඳවයි විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයැදුම්පත් කැඳවා තිබේ. 01 July 2025
හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 01 July 2025
ත්‍රිපෝෂ සමාගම පැය 24 පුරා වැඩ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි. 01 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025