බස් ගාස්තු වෙනසක් නෑ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. 01 July 2025
බස් රථය මල් කැකුලක් බිලි ගනියි කාත්තන්කුඩි පොලිස් වසමට අයත් මඩකලපුවේ ආරයම්පතිහි පිහිටි ප්රිසිද්ධ පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් බස් රථයක පිටුපස රෝදයට යටවී තුන් හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (30) සවස ජීවිතක්ෂයට පත් වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 01 July 2025
ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය? ඇමෙරිකාව විදේශයන්ට ලබාදෙන මානුෂීය ආධාර සහාය බොහොමයක් කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, 2030 වසර වන විට ලෝකයේ අමතර ලක්ෂ 140 ක ජනතාවකට මරු කැඳවනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 01 July 2025
මිරිස්කුඩු ගසා මං කොල්ල කෑ පවුලක්ම මාට්ටු තනිවම යතුරු පැදියකින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් පැළඳ සිටි රන් ආභරණය කොල්ල කෑමේ නිරතව සිටි මවක් ,පියෙක් සහ පුතෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 01 July 2025
ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්! ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’’වන් බිග් බියුටිෆුල් බිල්’’ ලෙස හඳුන්වන අයවැය පනත් කෙටුම්පත සම්මත වුවහොත් ’’ඇමෙරිකන්’’ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත් සෑම ප්‍රාන්තයකම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්රතිවිරුද්ධවාදියට සහාය ලබාදෙන බවත් බිලියනපති ඊලෝන් මස්ක් සමාජ මාධ්‍ය තුළ තර්ජනාත්මක සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 01 July 2025
රටවල් 13ක රැකියා සඳහා විදේශ ගතවීමේ නීතිය අද සිට ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 01 July 2025
පාසල් දරුවන්ගේ වෑන් ගාස්තු ගැන දැනුම් දීමක් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. 01 July 2025
මයුරපාද සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරය නරඹති මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය. 01 July 2025
ත්‍රිරෝද රථ ගාස්තු ගැන දැනුම් දීමක් පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. 01 July 2025
ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. 01 July 2025
හයිවේ මගීන්ට බඳපටි අනිවාර්යයි අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. 01 July 2025
ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එළැඹෙන 7 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනු ඇති බවත් එහිදී ඇමෙරිකානු ජනාධිපති හමුවී ගාසා තීරය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 01 July 2025
පාස්කු විවාදය 9 වැනිදා පාස්කු ඉරැදින ප්‍රහාරය පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 9 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය. 01 July 2025
මත් ජාවාරමේ නියැලුණ එකම පවුලේ 3ක් ඇතුළු 7ක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ තැන තැන සඟවා මත්කුඩු ජාවාරම සිදුකළ පුද්ගලයකු සහ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරගම- වෑවිට නිවසක දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 01 July 2025
රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක් රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552 ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය. 01 July 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 July 2025
බස් ගාස්තු තීරණය ඉදිරි දින දෙකේදී ඉන්ධන මිල වැඩිවීම සමග බස් ගාස්තු සංශෝධනය වන අාකාරය ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. 01 July 2025
පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කරලා එකට මත්පැන් පානය කර බඩට පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 01 July 2025
සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. 01 July 2025
ශෂි වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද(01) දින නියම කළේය. 01 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 July 2025
පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 30 June 2025
මැතිසබේ විශේෂ රැස්වීමට දුර බැහැර මන්ත්‍රීලා නෑ පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි. 30 June 2025
යොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත්කර ඇත. එම පත්වීම අද(01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 30 June 2025
ඩීසල් - පෙට්‍රල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 June 2025
ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය. 30 June 2025
‘පරාටේ’ නීතිය බලගැන්වේ බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය. 30 June 2025
‘මාලිමාව’ පුංචි ආණ්ඩු 219ක බලය පිහිටුවයි ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219 ක බලය පිහිටුවීමට අද (30) පස්වරුව වන විට සමත්ව සිටියේය. 30 June 2025
තෙත වීවලට අවම මිලක් ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) පැවසීය. 30 June 2025
භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025