
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය රජය නිල වශයෙන් ශෝකය පළ කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, නවදිල්ලියේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගොස් ශෝකය ප්‍රකාශ කිරීමට තබා ඇති සමරු පොතේ සටහනක් තැබුවේ, කාමේනි වෙනුවෙන් ඉන්දියාව ශෝකය පළ කරන බව පවසමිනි.
ඉරාන උත්තරීතර නායක කමේනී ඝාතනය වුයේ පසුගිය 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී එල්ල කළ ගුවන් ප්‍රහාරයකිනි.
ඉන්දීය විදේශ ලේකම් මිස්රි ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි වෙත ද ශෝක පණිවුඩයක් යවා ඇත. ඒ ඉන්දීය රජය වෙනුවෙනි. ඉරාන නායකයාගේ අභාවයත් සමඟ නවදිල්ලි ඉරාන තානාපති කාර්යාලය ද සිය ධජය අඩකුඹු කර තබා ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd