කටුනායක ගුවන්තොටට ස්කෑන් යන්ත්‍රයක් කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයේ රුපියල් කෝටි 05 ක් වටිනා අති නවීනතම ’ස්කෑන් යන්ත්‍ර’ (පරිලෝකන යන්ත්‍ර) දෙකක් අද (2) ස්ථාපිත කළේය. 02 September 2025
හිටපු එස් එස් පි යළි රිමාන්ඩ් ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය දියණියගේ සහ බිරිඳගේ බැංකු ගිණුම් වලට අල්ලස් ලෙස ලබා ගත් මුදල් බැර කර ඇද්ද ? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද(02) පැවසීය. 02 September 2025
විශ්‍රම වැටුප් විෂමතාවයකට රාජ්‍ය සේවක පිරිසක් උද්ඝෝෂණයේ විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් 2020-2024 අවුරුදු හතර ඇතුළත විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (2) පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ. 02 September 2025
‘ඉෂාරා ගැන විශේෂ විමර්ශනයක්‘ ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ වෙස්ගෙන සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරටින් පලායාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 02 September 2025
’’ආණ්ඩුව රණවිරුවන් පීඩාවට පත්කරනවා’’ වර්තමාන පාලකයන් රණවිරුවන්ට එරෙහිව වෛරී මතවාදය උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්රයත්නයක ද නිරතව සිටින බවත් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දෙවැනි කර රාජකාරිය ඉටුකළ රණවිරුවන් උපක්රමිකව පීඩාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වරකාගොඩ ධම්මසිද්ධි, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමියන්ට ලිපියක් යොමුකර තිබේ. 02 September 2025
හෘද රෝගීන්ට දෙන එන්නතක් ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි හෘදයාබාධ ඇතිවු අවස්ථාවන්වලදී රෝගින්ට දෙන ‘ටෙනෙක්ටප්ලේස්’ (Tenecteplase) එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව වාහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. 02 September 2025
අස්වැසුම පවුල්වලට රස්සා දෙයි අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2025
නාමල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකියි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී අද ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. 02 September 2025
සමෘද්ධියේ කොට උඩ ගිය වාහන 15ටත් රක්ෂණ ගෙවලා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධාවන තත්වයේ නොපැවති වාහන පහළොවක් සඳහාත් රක්ෂණ වාරික ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ. 02 September 2025
කෝටි 90ක බෆල් රථ ගෙන්වීමේදී විශාල වංචාවක්? ඇමෙරිකන් ඩොලර් මිලියන 3ක් හෙවත් රුපියල් කෝටි 90 ක් වැය කරමින් 2017 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායට බෆල් රථ (ඒපීසී) ගෙන්වීමේදී බරපතල වංචාවක් සිදුව ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය. 02 September 2025
දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට ’’සිහින ගමනාන්තය’’ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. 02 September 2025
ඉතාලියේ නියෝජ්‍ය අමාත්‍යවරියක් මෙරටට ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේය. 02 September 2025
පොල් සොරකමේ ගිය අයෙක්ට වෙඩි මාතලේ කොහොලන්වල ප්‍රදේශයේ අක්කර 20ක පමණ විශාල පොල්වත්තකට අනවසරයෙන් ඇතුල් වි පොල් සොරකම් කරමින් සිටි දෙනෙකුට වත්තෙහි මුරකරු අද (02) කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මහවෙල පොලිසිය කියයි. 02 September 2025
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබා.... ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය - 2025 එම විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී ඊයේ (01) පැවැත්විණි. 02 September 2025
උතුරේ බීජ පොල් නිෂ්පාදන ඒකකය අරඹයි උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. 02 September 2025
අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 02 September 2025
හිරගෙවල් පාලනයට අලුත් මුහුණු 554ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් පන්සිය පනස් හතරක් බඳවා ගැනීම රජයේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය 02 September 2025
සුව ඇමති ඉන්දුනීසියා තානාපති හමුවක් මෙරට ඉන්දුනීසියා තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 02 September 2025
කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී මෙරටට භාවිතා කිරීම තහනම් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී කෘමිනාශක තොගයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය සම්මට්ටිවාඩිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ සගවා අත්අඩංගුවට ගත් බව කියයි. 02 September 2025
’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 September 2025
යූඑන්පී සජබ එක්ක හවුලකට යන්නෙ නෑ’’ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 02 September 2025
බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 02 September 2025
රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක් කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසූහ. 02 September 2025
දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිළිඳුකම පිටු දැකීමට කෝටි පහක මුදලක් වැය කරද්දී කෝටි 2000 කට වැඩි මුදලක් 2024 වර්ෂයේදී එහි සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 02 September 2025
තියුණු ආයුධයකින් ඇන දෙදරු මව මරලා අංගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්‍රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. 02 September 2025
මැතිසබා කමිටුව ආයතන හයක් ’’කොලිටිය’’ බලයි ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බලනු ලැබීය. 02 September 2025
ජනපති අදත් උතුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය. 02 September 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (සැප්තැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 02 September 2025
ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි යක්කල , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක් සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ ගැටුමක් සිදුව ඇත. 02 September 2025
පුපුරණ ද්‍රව්‍ය සමඟ ගායන ශිල්පියා අත්අඩංගුවට ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී ඊයේ (1) සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 02 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026