කෝටි 6ක දුරකතන ගුවන්තොටින් පන්නන්න බැරි වෙයි
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගියෙකු අද(30) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .