(සුජිත් හේවාජුලිගේ)

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන සතියේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

පක්ෂය ඒකමතිකව ගත් තීරණයක් අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගෙන ඔහුට විරුද්ධව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කෙරේ.

මේ සඳහා විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.

ඇමති කුමාර ජයකොඩිට විශ්වාස භංගයක් (සුජිත් හේවාජුලිගේ) බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන සතියේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. පක්ෂය ඒකමතිකව ගත් තීරණයක් අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගෙන ඔහුට විරුද්ධව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කෙරේ මේ සඳහා විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය