ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS ඩේනා' නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් විනාශ වීමට දින කිහිපයකට පෙර, ඉරානයට නාවික හමුදාවට අයත් තවත් නෞකාවක් වන 'IRIS ලවාන්' සඳහා ආරක්ෂාව සපයන ලෙස ඉරානය ඉන්දියාවෙන් ඉල්ලීමක් තිබුණු බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර නාවික සමාලෝචනයක් (International Fleet Review) සඳහා ඉන්දියාව අසල සාගර කලාපයට පැමිණ සිටි මෙම නෞකාවට ඉන්දියාවේ කොචි වරායට ඇතුළු වීමට ඉන්දීය රජය අවසර ලබා දුන් බව ද පැවැසෙයි.

ඉකුත් මාර්තු 1 වනදා කොචි වරායට සේන්දු වූ එම නෞකාවේ සිටි නාවිකයන් 183 දෙනෙකුට ඉන්දීය නාවික හමුදා මධ්‍යස්ථානවල නවාතැන් පහසුකම් සලසා දී ඇත.