(එස්. හේරත්)

හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ සැකකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (06) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

ඉම්මි අප්පුහාමිලාගේ කසුන් විමංග යන සැකකරුට මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම දඬුවම පමුණුවනු ලැබීය.

හලාවත අධිකරණ බල ප්‍රදේශයට අයත් කිරිමැටියාන වත්ත ප්‍රදේශයේදී 2020.10.11දින හෝ ඊට ආසන්න දිනකදී පොලිසිය මෙම සැකකරු   අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 35.474 ක ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී ඇති බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම සැකකරුට විරුද්ධව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ නීතිපති විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබුණි.