වෑන් රිය කුකුල් අසුචි ලොරියේ ගැටී දෙදෙනක් මරුට නොරෝච්චෝල නාවකාඩුව ප්‍රදේශය නවතා තිබු වෑන් රථයක අද (28) කුකුල් අසුචි (පොහොර) ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පිටුපසින් ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 28 June 2025
නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න යයි අතහැර දමා ඇති නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. 28 June 2025
දන්ත වෛද්‍යවරු විද්‍යාත්මක සැසියක ලෝක සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතු බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 28 June 2025
ශානි සී.අයි.ඩි ලොකු පුටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ සිටි 28 June 2025
ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 June 2025
ඉරානයට ආයෙත් ගහනවා - ට්‍රම්ප් ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 28 June 2025
යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත. 28 June 2025
සෑම දෙනාම නීතියට යටත් විය යුතුයි පවතින ක්‍රමවේදයට ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 June 2025
කම්කරු අයිතීන් රකින්න අලුත් පනතක් කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 28 June 2025
රත්නපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ගුණ අගුණ බලන්න සුගත් යයි රත්නපුර දිස්ත්‍රික්කයේ යෝජිත පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහි සංචාරයක නිරත විය. 28 June 2025
මැතිසබේ හදිසි රැස්වීමක් සඳුදා හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිතය. 28 June 2025
’’නුවරඑළිය මන්ත්‍රී බංගලාව අපිටත් ඕනෑ’’ නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 28 June 2025
ගනේමුල්ල සංජීව ඝාතනයට දොළහක් කූඩුවේ පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 June 2025
බෝට්ටුවක් පෙරළී අයියයි - මල්ලීයි අතුරුදන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් අයියා - මලෝ දෙපලක් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් කරයි . 28 June 2025
‘‘පොඩි සහරාන්‘‘ අත්අඩංගුවට බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 28 June 2025
යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත. 28 June 2025
විසුම්පායත් සංචාරක ව්‍යාපෘතියකට රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය හැටියට පාවිච්චි කරන ලද විසුම්පාය ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇත. 28 June 2025
ස්කීපර් මුහුදට වැටී අතුරුදහන් නිල්වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ස්කිපර්වරයා මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකරු දික්වැල්ල පොලිසියට පැමිණිලි කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 28 June 2025
තැන් තැන්වලට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2025
වැලිගම පුංචි මන්ත්‍රීන් දෙදෙනා දෙවටේ දමා ගිහින් වැලිගම ප්‍රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත් ජාතික ජනබල වේගයේ සභිකයන් දෙදෙනා අද දහවල් ගාල්ල දෙවට ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇතැයි ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 27 June 2025
‘‘පාතහේවාහැට රජයේ ඉඩම් කොල්ල කනවා‘‘ මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම් අත්පත් කරගෙන යන මහා ඉඩම් කොල්ලයක් සිදුවන බව මහනුවර ජාතික ජනබලවේග මන්ත්‍රි ජගත් මනුවර්ණ මහතා පැවැසීය. 27 June 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 27 June 2025
රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(27) පැවසීය. 27 June 2025
ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩකයන් 4ක් බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති. 27 June 2025
කොළඹ මහ නගර සභාවෙන් ඒසී යන්ත්‍රයකට ලක්ෂ 4ක වියදමක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය. 27 June 2025
පෝට් සිටි මුහුදේ අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි කොළඹ වරාය නගර පරිශ්‍රයේ පරීක්ෂණයක නිරතව සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු, ඊයේ (26) දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අද (27) පෙරවරුවේ එම සිසුවාගේ සිරුර සොයාගෙන ඇති බව පවුලේ ඥාතීහු පවසති. 27 June 2025
ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට ඉරාන - ඊශ්‍රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 27 June 2025
ජාතික රෝහලේ හෘද සැත්කම් නැවතීමේ අවදානමක් අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 27 June 2025
කුබෝටා මන්ත්රිනියෝ හමුවෙන්නත් යයි පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වූවාය 27 June 2025
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනා තුනක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබුණි. 27 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025