තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ බිම් බෝම්බ නොමැති බවට නිසැක කර ගැනීමට උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝමීටර් 23 කට ආසන්න භූමි ප්‍රදේශයක් ඉතිරිව පවතින බව බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය පවසයි. 01 September 2025
කුණු වතුර දියවන්නාවට හැරවූ හෝටලයක් ඇතුළු 10 කට නඩු තලවතුගොඩ හා මහරගම ප්‍රදේශවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි ආහාර වැටලීම් දෙකකදී පාරිසරික නීති උල්ලංඝනය කරමින් ආපන ශාලාවකින් බැහැරලන අප ජලය දියවන්නා ඔයට හරවා තිබූ හෝටලයක් ඇතුළු ස්ථාන දහයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 01 September 2025
සමන්ට එන්න එපා කියයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත 01 September 2025
හිර ගෙදර දේශපාලඥයන්ගේ බත්පතට ගාස්තුවක්? දූෂණ විරෝධී පනත සහ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා දූෂණවලින් මුදල් ඉපයූ දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙන හෝ සිරගත කෙරෙන කාලයේදී අඩු තරමින් 01 September 2025
උදව් කළ සැමට රනිල්ගෙන් හෘදයාංගම ස්තුතියක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උපකාර කළ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමන බව පිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 01 September 2025
විමල්ට එරෙහි නඩුවක් විභායට දිනදෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (01)නියෝග කළේය. 01 September 2025
පාර්ලිමේන්තුවට හොඳ කෑම දෙන්න කමිටුවක් පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි. 01 September 2025
ජනපති අද යාපනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමට නියමිතය. 01 September 2025
ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානය කැලඹිණි. භූමිකම්පාව හේතුවෙන් 250කට වැඩි පිරිසක් මියගිය බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. තුවාලකරුවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ. 01 September 2025
පාළු නිවසක මාංචු කුට්ටමක් පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. 01 September 2025
වන අලි පහරින් අයෙක් මරුට අරලගංවිල කනිචියාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ(31) සවස වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 01 September 2025
විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට? දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 01 September 2025
පස්සර නිවසක මළ සිරුරු දෙකක් පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය. 01 September 2025
ස්පා කතුන් තිදෙනකුට හදි කළ පීසී අත්අඩංගුවට බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 01 September 2025
කෝටියක ‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 01 September 2025
අද කාලගුණය සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2025
රාජිතට ලංසාට ගෙදරින් කෑම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත. 01 September 2025
ඉන්ධන මිලෙහි පොඩි වෙනසක් ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත. 31 August 2025
ට්‍රම්පේ තීරුබද්ධ එරට අභියාචනාධිකරණය විසි කරයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය. 31 August 2025
ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 31 August 2025
චීන - ඉන්දීය නායකයෝ හමුවෙති වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහිදී ඇමෙරිකානු තීරු බදු හමුවේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට ඇති අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගෙන ඇත. 31 August 2025
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ ගජ මුතු තුනක් සන්තකයේ තබාගෙන එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 August 2025
ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 31 August 2025
යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය. 31 August 2025
දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 31 August 2025
ත්‍රස්ත පනත අහෝසියෙන් දරුණු අපරාධකරුවන් එළියට යන අවදානමක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු ලැබුවහොත් එම පනත යටතේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් වීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 31 August 2025
ලංසාත් ගෙදර කෑම ඉල්ලයි බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය. 31 August 2025
වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 31 August 2025
‘නයින් ආච්‘ අසල කන්දේ ගින්නක් ඇල්ල ආරුක්කු නමය පාලම අසල කන්දේ අද( 31 ) මේ වෙන විට ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 31 August 2025
මහජන ආරක්ෂක ඇමතිගේ ව්‍යාජ ඡායාරූප හැදූ අයට වැඩ වරදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 31 August 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026