පද්මෙ ගේන්න පොලිස් කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාවට ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල නායකයන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාව බලා පිටත්ව යෑමට නියමිතය 29 August 2025
බැකෝ සමන්ගේ බිරිඳ සහ දුව කටුනායකට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ . 29 August 2025
ඉන්දු-ලංකා යාලු කම රකින්න ’’අපේ කට්ටියක්’’ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා-ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති. 29 August 2025
ජපන් රැකියා පොළක් හෙට ජපන් රැකියා අපේක්ෂිතයින් වෙනුවෙන් ජපන් රැකියා පොළක් හා දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 29 August 2025
තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුව ගැන කියා දෙයි මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලැස්ම යටතේ මූලික අරමුණක් වන නියෝජිත ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා තරුණයන් බළ මුළු ගැන්වීම වෙනුවෙන් කටයුතු කරන තරුණ නියෝජිතයෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. 29 August 2025
ජනාධිපති මන්දිර පහක් නිවාඩු නිකේතන කරයි නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ප්‍රදේශ වල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුව පහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය. 29 August 2025
රාජිත රජයේ සේවකයන් රඳවන “එන්” වාට්ටුවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවටද අතුරලියේ රතන හිමියන් ජී වාට්ටුවටද ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. 29 August 2025
ඉෂාරා සමග සබඳතා පැවැත්වූ තවත් අයෙක් ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන ඉෂාරා සෙව්වන්දී සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයකු අනාවරණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද(29) පැවසීය. 29 August 2025
දර්ගා නගරයේ වෙඩි තැබීමක් පොලිස් නිළධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලිස් නිළධාරියෙක් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි . 29 August 2025
මාස 8ට ගිනි අවි 352ක් අත්අඩංගුවට ජනවාරි මාසයේ 1 වැනිදා සිට ඊයේ (28) දක්වා ගතවූ මාස 8 ට ගිනි අවි 352 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා පැවැසීය. 29 August 2025
අතීතේ අතුරුදන් වූවන් ගැන විමර්ශන යළි අරඹයි 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 29 August 2025
ජනපති අධ්‍යාපන අමාත්‍යංශය කැඳවයි සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්රමුඛ අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 29 August 2025
ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු ව්‍යාපාරිකයාට ඇප අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පලවන සැකකරු ලෙස නම්කර සිටි එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නමැත්තා රුපියල්150000ක මුදල් ඇපයක් සහ 250000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) දින නියෝග කලේය. 29 August 2025
පනහ පිරෙන අයට වෛද්‍ය සංගමයෙන් තිළිණයක් ප්‍රජාවගේ සුවතාවය වැඩිදියුණු කරළීමේ අදහසින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මූලිකත්වයෙන් වයස අවුරුදු 50 සම්පූර්ණ කරන සෑම වෘත්තිකයකුටම සහ සෑම පුරවැසියෙකුටම ’’ඔබේ සෞඛ්‍යය ඔබේ ධනයයි - ඔබේ ජාතියේ ද ධනයයි’’ යන ජාතික පණිවිඩය සමඟ සුබ පැතුම් එක් කරමින් සුබ පැතුම් කාඩ් පතක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය. 29 August 2025
නිමල් ලංසා රිමාන්ඩ් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. 29 August 2025
රනිල් රෝහලෙන් පිටව යයි කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය. 29 August 2025
බැකෝ සමන්තගේ බිරිය මුදාහරියි ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පිරිස අතර සිටි බැකෝ සමන්තගේ බිරිඳ එරට පොලිසිය විසින් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 29 August 2025
කොබෙයිගනේ ඩී.එම්.ඕ. ත්‍රිරෝදයේ හැපී මිය යයි කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ,කොබෙයිගනේ රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය සඳහන් කරයි. 29 August 2025
සුනඛයාට පහරදී ඇළට විසි කළ තරුණයා රිමාන්ඩ් නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය. 29 August 2025
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ් කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ(29) නියෝග කළේය. 29 August 2025
රාජ්‍ය බැංකුවකට කෝටි 18ක් වංචා කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි රාජ්‍ය බැංකු මූලස්ථානයකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් දහ අට කෝටි අසූ අට ලක්ෂ විසි පන්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 29 August 2025
ඇමරිකා මන්ත්‍රී- කතානායක හමුවක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්රජාතන්ත්රවාදී එකමුතුවේ විධායක අධ්යක්ෂ ඩෙරෙක් ලුයිටන් මහතා ඇතුළු සාමාජිකයෝ පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. 29 August 2025
රතනහිමි රිමාන්ඩ් 2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ලබන මස 12 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය. 29 August 2025
මහින්ද ක්ලැරන්ස් බලන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්ලැරන්ස් චිත්‍රපටය නැරැඹීමට ගොස් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබේ. 29 August 2025
ලෙඩ බලාගන්න වයස 35 ට වැඩි අයට රජයෙන් පැකේජයක් ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කර ගැනීමට අවුරුදු 35කට වැඩි අයට රජය පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය 29 August 2025
රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ් මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය . 29 August 2025
රුපියල් 2000 සමරු නෝට්ටුවක් නිකුත් වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. 29 August 2025
නිමල් ලංසා අල්ලයි හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2025
රිය අනතුරින් දෙන්නෙක් මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් මංසන්ධිය ආසන්නයේ බස් රථයක් , ටිපර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (29) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. 29 August 2025
වාප්පු ලිපිකරු අල්ලස් දැලේ ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් ලබා ගැනීම සහ ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 29 August 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026