සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 24 June 2025
මුහුදේ පාවී ආ උපකරණය මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය කියයි 24 June 2025
බොරැල්ලේ වෙඩි තැබීමක් බොරැල්ල හල්ගහ කුඹුර වත්ත (ඩම්ෆ් එක වත්ත) ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 24 June 2025
නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 June 2025
නෙළුම් වැව උණුදිය උල්පත් අලුත් වෙයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර ඇත. 24 June 2025
කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. 24 June 2025
ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක් ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. 24 June 2025
එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි. 24 June 2025
ජපුරේ රණ්ඩුවෙන් අලාභ වූ දේපොළට වැඩියෙන් අය කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. 24 June 2025
සාන්ත ජෝන් විදුහල්පති ඉවත් කළාට විරෝධයක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හදිසියේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ආදි ශිෂ්‍යයන් මාපියන් ඇතුලු පිරිසක් පාසල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත විය. 24 June 2025
ජනාධිපති ලේකම් - ලංකා බැංකු සේවක හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැත්විණි. 24 June 2025
කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 24 June 2025
ඖෂධ - උපකරණ රෝහල්වල නැතැයි වෛද්‍ය විශේෂඥයෝ ඇමතිට ලියති රෝගීන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ රෝහල්වලට විධිමත්ව සපයා නොමැති යැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කළ ලිපියකින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. 24 June 2025
ඇමති - මන්ත්‍රීන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටියුෂන් මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 24 June 2025
රාජ්‍ය ඔසුසලක් නාරාහේන්පිටට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 24 June 2025
රුසියාව ඉරානය සමග හිට ගනියි ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර රුසියාව ඉරානයට පැහැදිලිව සහාය ලබාදුන් බවත් ඉදිරියේදී රුසියාව සහ ඉරානය අතර සබඳතා තවත් තරකර ගැනීමට බලාපොරොත්තු වන බවත් ක්‍රෙම්ලින මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (24) ප්‍රකාශ කළේය. 24 June 2025
රාජ්‍ය ආයතන හතරක ලොක්කෝ පත්වෙති රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. 24 June 2025
කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් 13 දෙනකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර තිබූ, මස්, පාද හා බිත්තර තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු අද( 24 ) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. 24 June 2025
ඉරානය සටන් විරාමය කඩයි සටන් විරාමය ක්‍රියාත්මක කර පැයක් යන්නටත් මත්තෙන් ඉරානය සටන් විරාමය කඩ කළ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කළේය. 24 June 2025
කොළඹ මධ්‍යම බස් පොළ අලුත් වෙයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. 24 June 2025
අලුත් ත්‍රස්ත විරෝධී පනත ගැන එ,ජා නියෝජිතයන් සමඟ කතා කරයි නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 24 June 2025
ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය ඇරැඹෙයි ඉරාන - ඊශ්‍රායල යුද්ධයේ අවසන් කිරීම සඳහා ඉරානය සටන් විරාමය බලාත්මක කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද(24) නිවේදනය කළේය. 24 June 2025
අගමැතිනිය කැනඩා යයි පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාව බලා අද (24) අලුයම ටත්ව ගියාය. 24 June 2025
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින් රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී මහත්මිය අද(24) නියෝග කළාය. 24 June 2025
ආබාධ සහිත අය ගැන සංවේදී වෙන හැටි ’’මැති සබේට’’ උගන්වයි ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් ’’නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා’’ යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙය සංවිධාන කළේය. 24 June 2025
එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 24 June 2025
හරක් කටාට සීඅයිඩිය උදව් කළා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධ පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවත් එහි ඇතැම් නිලධාරීන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට නොගන්නා බවත් අවබෝධ වූ හෙයින් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ(23) ප්‍රකාශ කළේය. 24 June 2025
හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි. 24 June 2025
අදත් තැනින් තැනට වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 June 2025
ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට? ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 24 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025