.

(අංජුල මහික වීරරත්න)

පළාත්  පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන  සියලු පාළාත් වෙත ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

එම  ප්‍රතිපාදන නිසි ලෙස  පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත් පාසල් වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය කීවාය.

රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ පැවති සුහද හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව  පැවසීය. 

අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක  යුදගනාව රාජමහා විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමියන් බැහැදැකීමට  පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ  වත්මන් තත්ත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කළාය.  

වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දෙමින් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය කීවාය.

2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට කටයුතු කරන අතර නව පෙළපොත් මුද්‍රණ කටයුතු  ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.