කොළඹ වරායේ නැවතත් බහලුම් තදබදයක් කොළඹ වරාය තුළ නැවතත් බහාලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (25) පැවසීය. 25 June 2025
බස් ගාස්තු අඩු වෙයි: සංගම්වලින් දැඩි විරෝධය වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ. 25 June 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග? මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි. 25 June 2025
ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයෙන් ජංගම රාජ්‍ය සේවා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ජංගම රාජ්‍ය සේවා වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන් බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. මේ බව අනාවරණය කළේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසකි. 25 June 2025
පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
පක්ෂ විපක්ෂ 14ක් චීනෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වෙති. 25 June 2025
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන් මුදා හැරයේ යයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය . 25 June 2025
එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. 25 June 2025
පාසල්වලට ඩෙංගු මැඩීමේ දිනයක් ප්‍රකාශයට පත් කරයි මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් වල ඩෙංගු මැඩලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කර තිබේ. 25 June 2025
නාවලපිටිය-දඹුල්ල-කුලියාපිටිය රෝහල් තුනට CT ස්කෑන් යන්ත්‍ර නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 3ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ලොකු වැව් පහක් අලුත් වෙයි මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළු වැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
රෝග තුනක් මැඩලන්න ගෝලීය අරමුදලින් ආධාර එච්.අයි.වී / ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එම රෝග කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 25 June 2025
රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ජල සම්පාදන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඇමති අනු කමිටුවක් ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඇමති අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
නුවරඑළිය තැපැල් හල ගැන සංචාරක කැමැත්ත වැඩි කරන්න යයි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
දරුවන් සිඟමනේ යෙදවීම තහනම් නීති දැඩි කරයි වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
අධිවේගී පාරට අලුත් සැප බස් 200ක් අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
හැංගුණේ නෑ: මම හිටියේ ගෙදර අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් කිසිසේත් සැඟව නොසිටි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනා කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (24) ප්‍රකාශ කළේය. 25 June 2025
සංචාරක ක්ෂේත්රය ගොඩගන්න අලුත් පනතක් එයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එහි පරිපාලන ව්‍යූහය තවදුරටත් ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ඉෂාරා සෙව්වන්දි රට පැනලා නෑ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට සම්බන්ධවී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 25 June 2025
මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක් හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 වැනිදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (24) නිකුත් කරනු ලැබීය. 25 June 2025
දේශබන්දුගේ ඉතිරි සාක්ෂිකරුවෝ අද කමිටුවට වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා මැතිසබා පරීක්ෂණ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) නැවත රැස්වීමට නියමිතය. 25 June 2025
හෙල්මටයකින් පහරකෑ අයෙක් මරුට බුලත්සිංහල, හල්වතුර ,එපිටවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බ ස්වීමත් දුර දිග යෑමෙන් හෙල්මටයකින් පහර කෑ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 25 June 2025
තුෂාර උපුල්දෙණියගෙ නඩුව කැඳවීම අද දහවල් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියාය. 25 June 2025
පිටකොටුව-කැස්බෑව බස් වර්ජනයක් පිටකොටුව සිට මිල්ලෑව දක්වා නව මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් පිටකොටුව කැස්බෑව 120 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි. 25 June 2025
මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි. 25 June 2025
අදත් තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 June 2025
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. 25 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025