ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යන නමිනි.

එම මහෙයුම ආරම්භ කර පළමු පැය 24 දී ඒ සදහා ඇමෙරිකාවට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 779 ක් යැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

එම ප්‍රහාරයට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් බලඇණියක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කෙරුණි. ඇමෙරිකාව ඉරානයට දිගට හරහට පහර දෙන්නේ එම නැව් යොදා ගිනිමිනි.

එම නැව් මධ්‍යධරණී මුහුදේ ස්ථාගත කිරීමට පමණක් ඇමෙරිකාවට වැයවුණු මුදල ඩොලර් මිලියන 6.5 ක් බව පැවැසෙයි.

ඇමෙරිකා නාවික හමුදාව සතු ‘යූ.එස්.එස්. ජෙරල්ඩ් ආර්. ෆෝඩ්’ යුද නෞකාව ද මධ්‍යධරණී මුහුදේ සිට ඉරානයට පහර දෙයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, මෙම නෞකාව සදහා දිනකට වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 6.5 කි.