(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එදා ජනාධිපතිතුමාට තිබූ රෙඩිකල් බව ජුලි චෑන්ක් යනකොට අරගෙන ගියාද දන්නේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නත් මැද පෙරදිග තම ආධිපත්‍ය තහවුරු කරගන්නත් ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායලයේ පරිපාලනය එකතු වී කටයුතු කරමින් සිටිනවා. මැද පෙරදිගම යුද කලාපයක් බවට පත්කර තිබෙනවා.

ඒ නිසා අද මුළු ලෝකයම භීතියට පත් වී තිබෙනවා.රටක් ලෙස අපටත් එය බලපානවා.අප රටේ ලක්‍ෂ දහයකට අධික පිරිසක් මැද පෙරදිග රැකියා කරනවා.එමෙන්ම තෙල් සම්පත මෙන්ම ගෑස් පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකයේ බලා සිටිනවා.ඉරානයට පහරදීම වැරදි යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශ කරනු ඇතැයි අප සිතුවා.නමුත් කණගාටුයි.

ජනාධිපතිතුමා ඒ ගැන කතා කළේ නෑ.එදා ජනාධිපතිතුමාට තිබුණු රැඩිකල් බව අද කෝ.ඒ රැඩිකල් බව ජුලී චෑන්ග් අරගෙන ගියාද දන්නේ නෑ යනුවෙන් ද රහුමාන් මහතා කීය.