
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබා නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (3) සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබා කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබා තානාපතිනිය ප්‍රකාශ කළාය.
එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනලාටත් කන්නැතුව යන්න කිව්වා නම් හරි...
වසර ගණනාවක සිටන් කන්න පාන් කැබැල්ල ගන්න.. පැට්රල් ටිකක් ගන්න පෝලිම් වල දිනපතා රස්තියාදුවෙන ජනතාවක් ඉන්න කියුබාව කොහොමද අපට උදව් කරන්නේ...?