වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 31 August 2025
‘නයින් ආච්‘ අසල කන්දේ ගින්නක් ඇල්ල ආරුක්කු නමය පාලම අසල කන්දේ අද( 31 ) මේ වෙන විට ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 31 August 2025
මහජන ආරක්ෂක ඇමතිගේ ව්‍යාජ ඡායාරූප හැදූ අයට වැඩ වරදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 31 August 2025
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව අවහිර වී තිබු බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (31) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලන මැදිරිය පවසයි . 31 August 2025
ආචාර්ය ගයානිගෙන් පරිණාම වාදයට අලුත් පිටුවක් ජීව විද්‍යා ක්ෂේත්රයේ නව සොයා ගැනීම් ගණනාවක් කළ ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනවිරත්න මහත්මිය මෑතකදී කළ නව පරීක්ෂණයකින් මිනිස් පරිණාමය සම්බන්ධයෙන් ලොවම මවිත කළ තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් වූවාය. 31 August 2025
සුරාබදු නිලධාරීන් තිදෙනකු අල්ලස් දැලේ පැටැලෙයි හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට නඩුවක් නොදමා මුදාහැරීමට රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ඉල්ලා එම පුද්ගලයාව කන්කසන්තරේ වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සුරා බදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 31 August 2025
දිවයිනට ගෙනා අපරාධකරුවන් තැන් දෙකකට ගෙනයයි ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය කියයි. 31 August 2025
අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30) රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි . 31 August 2025
සැකකරු පොලිස් නිලධාරියා සපා පැන ගිහින් බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි . 31 August 2025
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . 31 August 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත අද (31) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 August 2025
පොතුවිල් අනතුරකින් අයෙක් මරුට : 56 කට තුවාල පොතුවිල් පොලිස් වසමට අයත් කෝමාරිය ප්‍රදේශයේ අද (30) සිදුවූ බස්රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 56 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල් පොලිසිය පවසයි. 30 August 2025
හෝටල් හිමිට - බිරියට පහර දුන් ඊශ්‍රාල ජාතිකයෝ දෙදෙනෙක් අල්ලති ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් හිමියෙකුට සහ ඔහුගේ බිරියට පහර දුන් බව කියන ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 30 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස අද සවස දිවයිනට රැගෙන ආවේය. 30 August 2025
ඉදිරියේදී සහන දෙන අංශ දෙකක් ගැන ජනපති කියයි අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 August 2025
කොලොන්නාව කුණු කන්ද අසල කැළෑවකින් මිනිස් සිරුරක අස්ථි කොටස් හමුවෙයි කොලොන්නාව පොතුවිල්කුඹුර නාගහමුල්ල කුණු කන්දට යාබදව අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක අස්ථි කොටස් හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි 30 August 2025
රාජිතත් ගෙදර කෑම ඉල්ලයි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 30 August 2025
බැකෝ සමන්ගේ බිරියට ඇඹිලිපිටිය උසාවියෙන් වරෙන්තු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරියට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය. 30 August 2025
සැමියාගේ පිහි ඇනුමෙන් බිරිය මරුට හබරාදුව පොලිස් වසමේ අමුකොටුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිද පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි. 30 August 2025
මාස හතට මැතිසබේ ලයිට් වතුරට කෝටි අටක් පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය පරිහරණය වෙනුවෙන් පසුගිය මාස හතක කාලයේදී( ජනවාරි සිට ජුලි මාසය දක්වා) රුපියල් අටකෝටි හැට එක් ලක්ෂ පනස් හතර දහසකට වැඩි මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා දී ඇති පිළිතුරු ලේඛනයක සඳහන්වේ. 30 August 2025
වල් අලි ප්‍රහාරයකින් අයෙක් මරුට තංග නගර් ප්‍රදේශයේ හේනක පැල් රැක අද (30) අලුයම නිවසට යමින් සිටි පුද්ගලයකුට එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් හේනේ සිට නිවසට යන අතරමග ලඳු කැළැ මාර්ගයේ මිය ගොස් සිටියදී මළ සිරුර සොයා ගත් බව සේරුනුවර පොලිසිය කියයි. 30 August 2025
අධිවේගයේ ආසන පටි ගැසට්ටුව 31 නිකුත් කෙරේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. 30 August 2025
ඝාතනයක් බව සැක සිරුරක් කළුතරින් හමුවෙයි මුහුදු වෙරළේ ගිල්වා ඝාතනය කළ බවට සැක මළසිරුරක් කළුතර ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරලේ තිබී හමුවූ බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. 30 August 2025
අරුණගේ විශ්වාසභංගෙන් මැතිසබේ ලේකම්වරුත් පඹ ගාලක නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ විවිධ අණ පනත්වල පැහැදිලි ආකාරයට සඳහන්ව නැති හෙයින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයද අපොහොසත්ව ඇතැයි වාර්තාවේ. 30 August 2025
සමෘද්ධියේ කෝටි 5360 ක් පිට වැඩට දීලා: කෝටි 270ක් තවම අය කරගෙන නෑ සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ එහි අරමුදල් වල පැවැති කෝටි 5360ක මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතත් මින් රුපියල් කෝටි 270ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් තවමත් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 30 August 2025
තලංගම නිවසකින් චීන ගිනිඅවියක් සමඟ අයෙක් දැලේ තලංගම බත්තරමුල්ල නිවසක සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ මෝටර් කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 30 August 2025
මහරගම වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට මහරගම නාවින්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගොස් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි 30 August 2025
රට සවාරි පෝලිමට ගිය ලොක්කන් දහයකටත් දැල එලයි අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දස දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 30 August 2025
ගජමුතු විකුනන්න ගිහින් මාට්ටු රුපියල් එක්කෝටි විසි ලක්ෂකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 3 ක් සමග සැකකරුවකු කටුගස්තොට, කුඩාරවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 30 August 2025
පානදුර ක්‍රිඩා සමාජ ගොඩනැගිල්ල ගිනි ගනී පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩා සමාජ ප්‍රධාන ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 30 August 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026