ජා.ජ.බ නායකයෝ - අප්‍රිකා හිටපු ජනපති හමුවේ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2025
එජාප සභාපති මහ නාහිමිවරුන් බැහැ දකී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය. 27 June 2025
පුංචි රෝහල් ලඟත් ඔසුසල් ඇරඹෙයි දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 June 2025
දරු ප්‍රසූතියට ඇමෙරිකාවට යන්න තහනමක්? ඇමෙරිකාවේ සංචාරය කිරීමේ ප්‍රධාන අරමුණ දරු ප්‍රසූතිය සිදු කිරීම යැයි හැඟෙන සංචාරක වීසා අයැදුම්කරුවන්ගේ අයැදුම්පත්‍ර කොන්සියුලර් අංශය විසින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කරනු ලබනු ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 27 June 2025
උතුරේ ඉඩම් ගැසට්ටුවට අධිකරණයෙන් අතුරු නියෝගයක් මේ වසරේ ජූනි 28 වැනි දිනට පෙර අයිතිය ප්‍රකාශ නොකළහොත් යාපනය කිළිනොච්චිය මන්නාරම ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයන් අද නිකුත් කළේය. 27 June 2025
ලුණු රටින් ගෙන්වීමට මුදල් සභාවේ අනුමැතිය 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි වලට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 27 June 2025
වසර 15කට පෙර සැලසුම් කළ ෆෝඩෝ ප්‍රහාරය ඉරාන න්‍යෂ්ටික වැඩසටහෙන් ප්‍රධානතම සාධකයක් වන ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීමේ ප්‍රහාරය යොදාගත් අවි සහ සැලසුම නිර්මාණය කිරීමට ඇමෙරිකාව වසර 15 ක් වැයකළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 27 June 2025
කුකුලා - මාලිමා දීගය කැඩේ, නොර්වුඩ් උප සභාපති සමගියට නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තේරිපත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා මහතා වැඩි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් විය. 27 June 2025
මිද්දෙනියේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය දැයි සැකකරයි මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසල සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැකකරන යතුරුපැදියක් මිද්දෙණිය ඕකන්දයාය පෙරළිද වැවේ කුඹුක් ගසක් අසල දමා ගොස් තිබිය දී සොයාගත් බව පොලිසිය පැවසීය. 27 June 2025
වැලිගම ප්‍රා:සභාපති ඡන්දෙට ආ මාලිමා මන්ත්‍රී දෙන්නෙක් පැහැරගෙන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි. 27 June 2025
වැලිගම ප්‍රාදේශීය සභාවට පිරිසක් කඩා වදී වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරකු තෝරාපත් කරගැනිමට සුදානම් වූ අවස්ථාවේ පිරිසක් ප්‍රාදේශිය සභා පරිශ්‍රයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන බව පොලිසිය කියයි. 27 June 2025
කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,ඇසුරුම් හතලිහක බහා තිබූ මත් කරල් 317000 කල්පිටිය මොහොත්තුවාරම දූපත් වෙරළේ ගොඩ බා තිබිය දී ඊයේ රාත්‍රි ෙ කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 27 June 2025
බදුලු දුම්රිය මාර්ගයට ගස් වැටේ උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 27 June 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි. 27 June 2025
‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි විය යුතුයි‘‘ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. 27 June 2025
අලුත් මන්ත්‍රී හඳුනන්න බැරිව රෝහල් පාරේ කලබලයක් මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය අනන්‍යතාවය හෙළිනොකර සිය මෝටර් රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුල්වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින් අවසර නොදීම නිසා රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ. 26 June 2025
ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය කල්දමයි ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබූ පියවර නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 26 June 2025
සමූප කළමනාකරු විදුලි සැර වැදී මරුට පොල්පිතිගම සීමාසහිත සමුපකාර සංගමයේ අළෙවි කළමණාකරු විදුලි සැර වැදී මියගොස් ඇති අතර ඔහු බේරාගැනීමට ගිය බිරිය සහ තවත් අයකුද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි පොලිසියකියයි 26 June 2025
එජා මානව හිමිකම් මහ කොමසාරිස් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. 26 June 2025
දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී සොයා ගත් බව මහව මුලස්ථාන පොලීසිය කියයි. 26 June 2025
වැඩි මිලට වතුර වික්කාට රුපියල් දස ලක්ෂයක් දඩ පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය. 26 June 2025
ඊශ්‍රායලයේ රැකියා තුනකට ලියාපදිංචිය අරඹයි ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය හෙට (27) සිට අරඹන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 26 June 2025
චන්ද්‍රගුප්ත රිමාන්ඩ් බාරයට අයථා ලෙස දේපළක් රැස් කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) නියෝග කළාය. 26 June 2025
‘‘නැ‘හිර දරුවන් 304 ගිය වසරේ අපයෝජනය කරලා‘‘ 2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. 26 June 2025
’’උමා ඔයේ කඳුළු’’ බලන්න ලාල් ලා බණ්ඩාරවෙලට උමා ඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුණු කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙල උඩපේරුවේ දී අද ජනතා ගැටලු බාර ගත්තේය. 26 June 2025
කොටස් වෙළෙඳපොළ වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (26) වාර්තා වූ බව එම වෙළෙඳපොල පැවසීය. 26 June 2025
ටොෆි කා ලෙඩ වූ දරුවන් 25ක් රෝහලට ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික් හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ලේ ප්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි. 26 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරි මොහාන් අනිවාර්ය නිවාඩු යවයි වෙසක් පොහොය නිමිති කර ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර විත්තිකාරුවකු නිදහස් කර හැරීමට ඉඩ සැළැස්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ. 26 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025