(අංජුල මහික වීරරත්න)
කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය හරහා රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත රබර් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 84,002 ක් පමණ වේ. එහෙත්, දක්ෂ හා පුහුණු කිරි කැපුම්කරුවන් හිඟය, කිරි කැපුම් ශිල්පීය ක්‍රම තාක්ෂණික ක්‍රම පිළිබද දැනුම සහ අවශ්‍ය මෙවලම් නොමැති වීම, අධික වගා නඩත්තු පිරිවැය,
අහිතකර කාලගුණික තත්ත්ව මත කිරිකැපිය හැකි දින ගණන අඩු වීමෙන් දෛනිකව කිරි නොකැපීම මත ස්ථාවර ආදායමත් නොලැබීම හේතුවෙන් වර්තමානය වන විට රබර් ඉඩම් හිමියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තම වගාවන් කිරි නොකපා අත්හැර දැමීමට පෙළඹී ඇත. එවැනි ඉඩම් කාර්යක්ෂම ලෙස පුනරුත්ථාපනය කිරීම මඟින් ඉහළ අපනයන වටිනාකමක් ඇති රබර් නිෂ්පාදන කර්මාන්තයෙහි වර්ධනයට මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට ද දායකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතී.
ඒ අනුව, දැනට දිවයින පුරා අතහැර දමා ඇති රබර් ඉඩම් හෙක්ටයාර 3,300ක් පුනරුත්ථාපනය කිරීමට හැකි වන පරිදි 'කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය කොට රබර් නිෂ්පාදනයට දායක කර ගනිමින් රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීම' යන මැයෙන් ව්‍යාපෘතියක් 2026 සිට 2028 දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 1,212.38 ක ප්‍රතිපාදන සලසා ගැනීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd