(ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි විසි දෙලක්ෂයක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද(04 ) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් 26 හැවිරිදි වියේ සහ 37 වන වියේ පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකි .
ඔවුන් අද අලුයම 01.59 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ අත් බෑගයන් තුළ , පැකට් දෙක බැගින් පැකැට් 04 ක් ලෙස සකස් කර තිබූ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 038 ක් සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 182 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටිය දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd