(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත වරක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් අසාර්ථකව ඉවත්වීමට සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම පුරවැසියෙකුටම කලකිරීමට කරුණක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා සිය "x" ගිණුමෙහි සටහනක් තබමින් එසේ පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය..
"අප සෑම දෙනාටම ක්‍රිකට් යනු ක්‍රීඩාවකට එහා ගිය හැඟීම් සමුදායකි. එය අපගේ ජාතික අනන්‍යතාවයේ කොටසකි. අපි විනය,පෙර සූදානම සහ ශක්තිමත් ක්‍රමවේදයන් සමඟ දක්ෂතා ඒකාබද්ධ කළ නිසා අපි ලෝක කුසලාන දෙකක හිමිකරුවන් වී ගෝලීය වශයෙන් අහිමානයට හා ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් විය.
අද වන විට පවතින අඩුපාඩුව දක්ෂතාවය නොවේ. එනම් අනුකූලතාව හෙවත් ක්‍රමානුකූලභාවය පවත්වාගැනීම, දිගුකාලීන සැලසුම් කිරීම සහ නිසි මානසික හා ශාරීරික ශක්තිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් නොකිරීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම ශක්තිමත්ව පවතින්නකි. අපගේ පාසල් පද්ධතිය තුළ මෙන්ම දේශීය තරඟ තුළ දක්ෂ තරුණ ක්‍රීඩකයින් බිහි කිරීමට අප සමත් වී ඇත. දැන් අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මකින් යුතුව, පරිපාලනයේ වෘත්තීයභාවය පවත්වා ගනිමින්, ක්‍රීඩාවේ නායකත්වයේ ස්ථාවරත්වය ගොඩනැගීමයි.
ඉහළම මට්ටමේ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම කෙටි කාලීන පැලැස්තර සහ ක්‍රියාවලින් සිදුවන්නේ නැත. එය නිරන්තර පුහුණුව, වගවීම සහ සමස්ත ලෝක කුසලාන තරඟාවලියක් තුළ ගෙන යන පැහැදිලි සැලැස්මක් මඟින් සිදුවන්නකි.
ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිවැරදි පරිසරයක් අප ගොඩනැගිය යුතුය. පරිපාලන අංශයන් විසින් ස්ථාවරත්වය සහ ක්‍රීඩාවේ නිවැරදි දිශානතිය සහතික කළ යුතුය. ක්‍රීඩකයින් සිය නිල ජර්සියේ වටිනාකම අභිමානයක් කර ලෝකයට රැගෙන යා යුතුය.
වැදගත්ම කරුණ නම්, අපි මීළඟ පරම්පරාව සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය නැවත ඇති කළ යුතු වීමයි. මන්ද, අපේ දරුවන්ට අභිමානය ඇති කරන වීරයන් නැවත ලැබිය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික නිවැරදි කිරීම් නොවේ. නැවත සකස් කිරීමට, නැවත ගොඩනැගීමට සහ ප්රමිතීන් ඉහළ නැංවීමට ක්‍රීඩාවට ධෛර්යය අවශ්‍ය වේ.
ක්‍රීඩාව කුසලාන දිනාගැනීම පිළිබඳ පමණක්ම නොවේ.එය අප සෑම දෙනාගේම හෘදයේ සටහන් වී තිබෙන සිංහ සලකුණේ ආඩම්බරය නැවත ළඟා කර ගැනීමකි" යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා බලයේ හිටපු කාලෙත් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කෙරුව මිසක්, ක්‍රීකට් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කෙරුවේ නැහැනේ? කීඩා ඇමතිකම නම් දැරුවා.
ශ්‍රී ලංකා අභිමානය ගේන්නෙ ක්‍රිකට් විතරද? එතකොට රගර්? ඒක ගේන්නෙ ඝාතන අභිමාන, මරණය වගේ දේවල්ද?
මම ක්‍රීඩා ඇමති කාලෙනෙ ලෝක කුසලාන දිනුවේ. මේ අයත් මගේ ක්‍රමේට කරන්න ඕන.
ලියපු කෙනාට සාධාරණ ගාණක් ගෙව්වද දන්නෑ :) අපිටනම් මදි.
රටම විනාස කරපු ,ජනතාව එළවලාම දාපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා, චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හැදුවට වැඩක් නැහැ.
කවුරුවත් දැන් ඔයා කියන බයිලා අහන්නේ නෑ අනේ ! යන්න දැන්වත් පව් නොදී තව කාලකන්නි වැඩකට නැති ගූ මයිනා
ක්‍රිකට් විතරක් නෙමේ . මුලු සේසතම රැක ගන්න ඕනේ දිවයිනේ. මොන්ගල් බේබි රලා රග්බි සෙල්ලම් කරලා හොදම කොල්ලව. තාජුඩීන් ගහලා මැරුවා. නාකිමයිනා ගොබ්බ හෝටා හිටියානම්. මේ මෝඩයව තවම්යි සියලුම අමාතයන්ශ බාරගන වැඩකරන්නෙ සේරම හොරා කනවා මොන්ගල් බේබි. වැඩකරන ඒවා බලන්න යන්නෙත් හෙලිකොප්ටරයෙන්. උබලා දාපුසෙල්ලම් සේරම පොත්වල සදහන්. ඩේසී හොර ආච්චි මොලේ මැරිලා කියලා. හොරා කාපුවා ගන්න විදියක් නැහැ. මයිනිගෙත්. ම්ප්ලේ මැරුනා කියයි නාකි මයිනගේ. පපුව නතර වුනා කියයි. මෝඩ බේබිලත්. මොලේ. පනුවො කාලා. ඒ නිසා කට උත්තර ගන්න බැහැ කියයි. මුගෙ පරම්පරාවම. හිරේට ගන්නෙ නැතුව රජය තවත් ඔට්ටුසෙල්ලම් කරනවා. මේ කුඩු. මිනිමරු බේබි කොහොමද පිටරට යන්නෙ. සේරටම නිතිය එකනම්. දේප්ස්ලා රාජ සන්තකකරන්න. මොලේ මැරිලා නම්
ක්‍රීඩකයන්ට රගර් උගන්වමු, දිනණ හැටි දන්න ක්‍රීඩාවනෙ!
යකඩ කූරු ගනින්න ඕන අයට මොන ක්‍රිකට්ද?