
(ඩී.ජී.සුගතපාල)
සබ්මැරින් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු තැන්පත් කිරිමට කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා එම මළ සිරුරු තැන්පත් කිරිම සඳහා අඩි 40ක් දිග අධි ශිතාගාර කන්ටේනරයක් ආණ්ඩුව මෙයට ටික වේලාවකට පෙර කරාපිටිය රෝහල වෙත එවා ඇත.
එහෙත් මළ සිරුරු සියල්ලම තැන්පත් කිරිමට එම ශිතාගාරය ප්‍රමාණවත් නෙමැතිවිම නිසා මුස්ලිම් ජාතිකයින්ගේ රුපියල් 2700000ක ධන පරිත්‍යාගයෙන් තවත් එම ප්‍රමාණයේම අධි ශීතාගාර කන්ටේනරයක්ද කරාපිටිය රෝහල වෙත ගෙන එන ලදි.
මළ සිරුරු මෙතරම් ප්‍රමාණයක් තැන්පත් කිරිමට රෝහලේ මාත ශරිරාගාරයේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවිම නිසා පිටතින් අයිස් ගෙනැවිත් ලි කුඩු සමග කලවම් කර මළ සිරුරු ඒවායේ දමා ඇත.
පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමෙන් පසු මළ සිරුරු මෙම අධි ශිතාගාරවල තැන්පත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd