(නිමල කොඩිතුවක්කු)

කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

මැද පෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවයට පත් වූ මගීන්ට සහාය වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි  ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

ඒ අනුව, අංක UL1205 දරන අතිරේක ගුවන් යානය එළැබෙන 08 වන ඉරිදා දින පෙ.ව. 06:50 ට කොළඹින් පිටත්ව එදිනම ප.ව. 13:10 ට ලන්ඩන් වෙත ළඟා වීමට නියතය.

එහි ආපසු ගමන් වාරය වන UL1206 ගුවන් යානය එදිනම ප.ව. 15:05 ට ලන්ඩන් නුවරින් පිටත්ව පසු දින පෙ.ව. 06.55ට කොළඹට ළඟා වනු ඇත.

පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව අවධානයෙන් පසුවන අතර, ගමන් බාධා ඇති වු මගින්ට සහාය වීම සඳහා තෝරාගත් ගමන් මාර්ග කිහිපයක මෙලෙස අතිරේක ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.