සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවැසුවේ ඇමෙරිකාවේ යුද ශක්තියේ තරම ලොවට කියා පාමින් මාධ්‍ය හමුවේ කළ අදහස් දැක්වීමක් අතරතුරේදීය.

ඉරානයෙන් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල වෙමින් පවතින බවත්, ඉරානය පහසුවෙන් යටත් කර ගැනීමට හැකි නොවනු ඇති බවත් එම මාධ්‍ය හමුවේදී ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.