(පද්මා කුමාරී කංකානම්ගේ )

නොරොච්චෝල ලක් විජය බලාගාරයේ දුම් කවුලුවකින් අසාමාන්‍ය ලෙස සුදු දුමාරයක් පිට වෙන බව අසැල්වැසි ගම්වැසියෝ පවසති.

බළාගාරයට ඉතා ආසන්නයෙන් පිහිටි ඉලන්තඩිය ගම්මානයේ ගොවි තරුණයකු වූ  පැවැසුවේ මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වන බවකි. එසේම ගම්වාසීන් තුළ භීතියක් පැන නගින බව ය.

අප හා අදහස් දැක් වූ ඇතැම් පිරිස් සැක පහළ කළේ බාල ගල් අගුරු භාවිතයේ යම් දුර් විපාකයක් ද මේ වශයෙනි.

නොරොච්චෝල බළාගාරයේ ප්‍රධාන ඉංජිනේරු චින්තක දිසානායක මහතාගෙන් මේ පිළිබදව අප විමසා සිටියෙමු.

"කාර්මික දෝෂයක් අද දින ඇතිවූණා,එම තත්ත්වය මේ වන විට නිවැරදි කරමින් සිටිනවා. ඒ විදුලි ධාරිතාවේ යම් අඩුවක් ඇතිවූව ද විදුලි විසන්ධියක් සිදු නොවන වන්නේ නෑ  බළාගාරය යථා තත්ත්වයට පත් කළ හැකි බැව ද පැවසූ වේ ය.

බාල ගල් අගුරු භාවිතයෙන් මෙවැන්නක් සිදූ බවට ජනතාව සැක කරන බැව අප පැවසූ විට ඒ මහතා එම චෝදනාව ප්‍රතික්ශේප කළේ ය.