(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස් රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය ජංගම දුරකථනයෙන් රූගත කළැයි උරුන වූ කොන්දොස්තරවරයා සෙසු මඟීන් බලා සිටියදීම කාන්තාවකට පහරදී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොන්දොස්තරයා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

පහර කෑ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඥාතියකුගේ නිවකසට පැමිණීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ග අංක 100 පිටකොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයකට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.

මඳ දුරක් පැමිණීමේදී බස් රථය ඉතා අපරික්ෂාකාරී ලෙස ධාවනයේ යෙදී ඇති අතර එය සිය ජංගම දුරකථනයෙන් පහර කෑ කාන්තාව රෑ ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.