(ප්‍රසාද් රුක්මල් )

මහියංගන දඹාන ආදිවාසි ගම්මානයේ සංචාරක පහසුකම් නගාසිටුවීමේ අරමුනින් රුපියල් මිලියන 5.6ක මුදලින් ඉදිකරන ලද ආදිවාසි ගම්මානයේ වෙළදසැල් දහයක් ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර , නිවාස ඉදිකිරිම් ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරින.

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන (PSDG) 2025 වැඩසටහන යටතේ මහියංගන ආදිවාසි ගම්මානයේ සංචාරක පහසුකම් නැංවීමේ අරමුනින් මෙම වෙළදසැල් ඉදිකර ඇත.

මෙහිදී ආදිවාසි ජනතාවගේ විසිතුරු නිර්මාන, ස්වයං නිශ්පාදන අලෙවි කර ගැනිමට අවස්ථාව සැලසේ.