
( අමිල චින්තක ගමගේ )
මහරගම පමුණුව ප්‍රධාන මාර්ගයේ වෙළඳසැල් කිහිපයක මේ වන විට පැතිරයමින් පවතින ගින්නකින් වෙළඳසැල් හතරක් පමණ මුළුමනින්ම විනාශව තිබේ.
මීට සුළු මොහොතකට පෙර ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැතියිද තවමත් ගින්න පැතිරෙමින් පවති. රෙදිපිළි අලෙවි සැල් සහ යන්ත්‍රෝපකරණ අලෙවි සැලක් මෙලෙස ගින්නට හසුව තිබෙන අයුරු දකින්නට ලැබේ.
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන භටයින් , රථ හතරක් මේ වන විට එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන අයුරු පෙනේ.
මේ වන විට අසළ වෙළදසැල් හිමියෝ යුහුසුළුව සිය වෙළදසැල්වල බඩුභාණ්ඩ ඉවත් කරන අයුරුද පෙනෙන්නට තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd