
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්රයා වන . මොජ්තාබා කමේනි තෝරා ගැනීමට ඉරානය තීරණය කිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයේ නව උත්තරීතර නායකයා පත් විය යුත්තේ තම අභිමතය පරිදි බවත්, මොජ්තාබා කමේනිට වැඩිකල් එම ධුරයේ රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත්, පියා අයතුල්ලා අලි කමේනීට අත්වුණු ඉරණම ඔහුට ද අත්වනු ඇති බවත් ට්රම්ප් පවසා ඇත.
56 හැවිරිදි මොජ්තාබා කමේනි, එරට උත්තරීතර නායකයා ලෙස පත් කර ගැනීම සිදුවූයේ ඉරානයේ විශේෂඥ සභාවේ පූජකවරුන් 88 දෙනා රැස්වී ඡන්දය පළ කිරීමෙනි.
ඉරාන රජයේ හමුදාව සහ ඉරාන ඉස්ලාමීය පාලනයට හිතවත් විප්ලවීය හමුදාව මෙන්ම ඉරාන පොලිසිය ද ප්රතිඥා දී ඇත්තේ තමන් නව උත්තරීතර නායකයා ලෙස තේරී පත් වුණු මොජ්තාබා කමේනි ට සහාය දක්වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd