මුතුරාජවෙළ වගුරු පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට
මුතුරාජවෙළ වගුරු ආශ්රිත බිම් පෙදෙස් පිරවීම සදහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට මධ්‍යම පරිසර අධිකාරි , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (26) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.