
(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා වන වෛද්‍ය උපකරණ චීන තානාපති කාර්යාලය එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් භාර දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙම උපකරණ පරිත්‍යාග කිරීමට චීන රජය පියවර ගත් අතර එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයට ගොස් එම වෛද්‍ය උපකරණ බාර ගත්තේය.
චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් මහතා විසින් වජිර අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ තොගය බාරදුන් අතර එහිදී වජිර අබේවර්ධන මහතා කොවිඩ් වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය පිළිබඳව චීන තානාපති කාර්යාලයටත්, චීන රජයටත් එක්සත් ජාතික පක්ෂයේ ස්තුතිය පුද කළේය.
මෙම වෛද්‍ය උපකරණ ඉදිරියේදී රෝහල්වලට ලබාදීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තම කන එක කොහොමටත් හොඳයිනේ
ඉතාමත් හොඳ අගය කල යුතු ක්‍රියාවක්
ඒ කියන්නේ චීනෙත් දැන් දන්නේ පොහොට්ටුවට කෙළවුණා කියලා. ඒත් බැංකු හොරෙකුට සම්මාදම් දීම නම් වැරැදියි.
කලින් මේ හාදයින් රාජපක්ෂලා චීනෙට ඔක්කොම විකුණනවා කියලා බැන්නා...
කොරෝනා බොරුව ලෝකයෙන් ඉවර වේගෙන යනකොට... එජාප ප්‍රවර්ධනය පටන් අරන්... මේ අය තමයි මුල ඉඳලම ඕක පටන්ගත්තේ ටැබ් බෙදලා...