(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය කෙරෙන එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා කෝටි හතරක් මුද්‍රණය කර සෞඛ්‍ය අංශවලට බාරදී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
මේ සඳහා රජය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ගෙවා ඇති මුදල රුපියල් කෝටි හතරකට ආසන්නය.
එන්නත් කාඩ්පත් කෝටි දෙකක් සහ පත්‍රිකා කෝටි දෙකක් මෙසේ මුද්‍රණය කරනු ලැබ ඇත.
එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා මුද්‍රණය තවදුරටත් කරගෙන යන බව පැවසූ රජයේ මුද්‍රණාලාධිපතිනිය සහනදායි මිලකට ඒවා මුද්‍රණය කරන බවද සඳහන් කළාය.
එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවූ මුදල් ගෙවනු ලැබ ඇත්තේ කෝවිඩ් අරමුදල විසිනි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත කෝටි දෙකකට වැඩි ජන පිරිසකට ලබා දීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ජනතාවටත් එක්කද? අපේ රටේ සම්පුර්ණ ජනතාව කෝටි 4 නැහැනේ.
එකක් ගත්තොත්, එකක් නොමිලේ...
කොමිස් එනවා නම් ඉන්දියාවටත් එක්ක මුද්‍රණය කරාම මොකද?
එන්නත් කාඩ්පත් කෝටි දෙකක් සහ පත්‍රිකා කෝටි දෙකක් මෙසේ මුද්‍රණය කරනු ලැබ ඇත.
බමුණුආරච්චි, ප්‍රවෘත්තිය හරියට කියවන්නකෝ.. එතකොට ඔයාගේ ගැටළුවට පිළිතුරු තියෙනවා. කියලා තියෙන්නේ එන්නත් කාඩ්පත් කෝටි 2ක් සහ එන්නත් පත්‍රිකා කෝටි 2ක් කියලා.
අයියෝ අපිට යන්න බැරිද ඔන්ලයින් ක්‍රම වලට, හැමෝම ගාව ෆෝන් තියනවනේ , නැති අයට විතරක් කාර්ඩ් දෙමු .ගොඩක් රටවල තියෙන්නේ ඔන්ලයින් ඇප්ස් , අපි තාමත් ගල් යුගයේ !