(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ පහළොස් දහසක් පමණ මේ වනවිට ධාවනයට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
දීර්ඝ කාලයක් ධාවනය නොවීම හේතුවෙන් බස් රථ අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
එම බස් රථ අලුත්වැඩියා කිරීමට සහ බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත් බස්රථ ධාවනයට පියවර නොගන්නා බවත් හෙතෙම පැවසීය.
සංචරණ සීමා හේතුවෙන් බස් රථ ධාවනය නොවීමෙන් බස් රථ සේවකයන් පනස් දහසකට සහ බස් රථ හිමියන් 11,000 කට පමණ මේ වන විට කිසිදු ආදායමක් නොමැතිව දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් 15,000 නොව 60,000 ක් මලකටු ධාවනය නොකර හිටියත් කිසිදු ගැටළුවක් නැති බව ගැමුණුට කීමට කැමැත්තෙමු.
හිමිකරුවන් ගැන නොදන්නෙමු. විනයක් නැති රියැදුරන් ටයි කොන්දොස්තර ලටයි ඔහොම වෙලා මදි. ඔවුන්ට ඔය පල දීලා තියෙන්නෙ.
ආණ්ඩුව ගේන්න වැඩ කළානේ. දැන් ඉතින් විසඳුමක් ඉල්ලගන්න. එක සැරයක් නම් ඔයා කනේ පාරක් කෑවා කියලා කතාවක් තියනවා. 15000 නෙමෙයි ඔය බස් සනුහරේම බංකොලොත් වුණත් අපිට කමක් නෑ. පාරේ හරියට යන්න බෑ. බැරිකමට ගියත් ඇතුලේ ජරා සින්දුයි, මිනිස්සු මැරෙනකන්ම සෙනග පටවනවා. එව්වා තමයි ඔය කට්ටියම විඳවන්නේ හොඳේ...
කාලකණ්ණි සේවාව රටෙන් නැතිවෙලාම යන්න ඕනේ...
ඔබේ ඉල්ලීම සලකා බලා කැඩී ඇති සෑම බසයක් වෙනුවෙන් අලුත් බසයක් නොමිලේ ලබා දීමටත්, පසුගිය වසරක කාලය සඳහා එක් බස් සේවකයෙක්ට එක් මාසයකට රු. 100000 ක් බැගින් මාස 12 ක් සඳහා වන්දි ලබාදීමට අපි යෝජනා කරනවා.
කාලකණ්ණි සේවාව විතරක් නොවේ... හැම වෙලේම අඬෝවැඩියාව තමයි තියෙන්නේ...
මේක අන්දරේ කිව්වා නම් හිනාවෙලා ඉන්න තිබුණා. පෞද්ගලික බස්රථ නඩත්තු කරන්න රජයෙන් සල්ලි ඉල්ලනවා. අනේ කාලේ වනේ වාසේ..
අනිවාර්යෙන්ම අපිට දෙගුණයක බස් ගාස්තු වැඩි වීමක් ඕන.
රස්සාවක් නැති වෙන එකටනම් මම අකමැති. නමුත් රස්සාව හරියට කරන්නෙ නැහැනෙ ඔයාල. මිනිස්සුන්ට කොච්චර වදයක් වෙනවාද පාරෙ යන විදියට. කොහොම හරි, බස් දිව්වෙ නැති උනාම එව්ව පණ ගන්න්වන්න ඔනි කියලා දන්නෙ නැද්ද. නැත්නම් බැටරි බහිනවා තමයි. අනික එකම තැන තිබ්බම ටයර් නරක් වෙනවා. ඔච්චර සරල දෙයක් වත් නොදැන ඔය රියදුරන් වැඩ කරන්නෙ..? ඇත්තටම හරිම කනගාටුයි එයාලගෙ දැනුම පිළිබදවනම්. බස් නැති තරමට පාරෙ යන්න ලේසි, මාර්ග නීති කියල නාමයක් නැහැනෙ ඔයාලට ඉතින් පොලිසියත් අල්ලගෙන නිසා, නීතිමය ක්රියාමාර්ගයක් වත් ගන්න බැ.
මේ කොමෙන්ට් ගැමුණු මහත්තයා බලනවා නේද. බස් ටික ආණ්ඩුව ට දීලා දාන්න.
මේ රටට ජනතාවට මෙහෙම වෙන්න වග කියන්න ඕන තවත් එක් සේවාවක් තමයි මේ.
ඒ කාලේ රෑ 12න් පස්සේ වුනත් විස්වාසයක් ඇතුව කාලසටහනට දිව්ව ලංගම බස් සේවය ජේ. ආර්. කාලා දැම්මා.
හිතන් ඇති ආණ්ඩුවෙන් මේ පරණ බස් අරගෙන අලුත් බස් දෙයි කියලා.?
අයිතිකරුවන්ට කියනවා සල්ලි වියදම් කරලා හදාගන්න.
මෙන්න අපූරු ඉල්ලීමක් .. පට්ට පතුරු යනකම් දුවලා දුවලා හොඳහැටි හම්බකරලා දැරහවල් බවට පත් උනාම, මේගොල්ලො කියනවා රජයෙන් මුදල් දී හදන්නලු. එතකොට කටකපලා සෙනග ගෙනිහින් සල්ලි ගොඩවල් හොයන විට, එයින් කොටසක් රජයට දුන්නද ? මිනිසුන් මේ දුක්ඛිත කාලේ කනවා නොවෙයි ලෙවකනවා. බස් හදාගන්න සල්ලි දෙන්න පිස්සු නැහැ රජයට.
අපිට හදලා දෙන්නද කියන්නේ. පොල් පටවනවා වගේ ජනතාව පටව ගන්න එක බස් එකක් ගත්ත අයිතිකරු තව 10 ක් ගන්නවා .කොහොමද ඒක කරන්නේ .