(ඩයනා උදයංගනී)
රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබන අයගේ වැටුපෙන් සියයට 5ක බද්දක් අයකිරීමේ කිසිඳු අදහසක් නැතැයි නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නැති බවත් අමාත්‍ය මණ්ඩලයේදී එවැන්නක් ගැන සකච්ඡාවක් හෝ නොවූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබන අයගේ වැටුපෙන් සියයට 5 ක බද්දක් අයකර අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පොදු සේවා වෙනුවෙන් යෙදවිය යුතු බවට වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර රජය එවැනි තීරණයක් ගෙන තිබේ දැයි මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ එය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික අදහසක් පමණක් බවයි.
විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පවතින බවට පළවන පුවත් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ එළඹෙන 21 වනදායින් පසුව එම තත්වය යථා තත්වයට පත්වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න පුලුවන් හැම බද්දම ගන්නවා. පුද්ගලික අංශයේ මිනිස්සුන්ගෙන්, හැබැයි ලෝන් එකක් ගන්න බැංකුවකට ගියාම අරකයි, මේකයි. පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න ගියාම රජයේ නිවාඩු දවස් වලට නැහැ. හැබැයි බදු ගන්න නම් පෞද්ගලික අංශයට තමයි. මේ රටේ බදු ගෙවගෙවා, ඔය මහ ලොකු ඇමැතිලාගෙයි, රජයේ ආයතනවල ඉන්න සේවකයින්ගේ පාට් බල බල අමාරුවෙන් වැඩ කරලා හම්බ කර ගන්න සොච්චමත් මේ අයටම පුදන්න වෙන සීන් එකක් තමයි ඉතින්. බදු ගන්නවා නම්, අපිට හරියට දෙයක් දෙන්න. තම තමන්ගේ ප්‍රයෝජනය සඳහා නැතුව...
වගකිවයුතු ඇමැතිවරයෙක් මෙහෙම කටට එන දේවල් කියනවාද? බන්දුලට මොලේ කොලොප්පන් වෙලා වගේ... පැන්ෂන් යන්න කාලේ හොඳයි.
දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ. මාර පාණ්ඩුවක් මේක..!
වැට් බද්ධ ආදී බදු ඉවත් කළද එය අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කළයුතු බව පෙනෙනවා.. මේ සඳහා අධිකව අාදායම් ලබන අයවරුන්ට අධික අාදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීම සඳහා යොදා ගෙන දුප්පතාට සහනයක් ලබාදිය යුතුව තිබෙනවා. එමනිසා බන්දුල ඇමැතිතුමා කළ ප්‍රකාශයට මමත් එකඟ වෙනවා. නමුත් රුපියල් ලක්ෂයක් ලබන කෙනෙකුගෙන් 5% ක් අය කිරීම සාධාරණ නැහැ. මොකද එවිට මාසෙකට ඔහු රුපියල් 5000ක් ගෙවිය යුතු නිසා. එමනිසා රුපියල් ලක්ෂයකට 2% ක වගේ බද්ධක් සාධාරණයි. එනම් රුපියල් 2000ක්. ඒ වගේම අදායම් මට්ටම් අනුව ප්‍රතිශතය ඉහළ දැමිය යුතුයි. ලක්ෂ 2කට වැඩි අයට 10% ක් වගේ. මොකද ලක්ෂ 2ක් උපයන කෙනෙක්ගෙන් 20000ක් ගත්තට අසාධාරණ නැති නිසා. ඒ වගේම ලක්ෂ 3ට වැඩි අයට 15% වගේ... එනම් රුපියල් 45000ක් වගේ සාධාරණයි මාසයකට...
බන්දුල මෙච්චර කල් කියපුවා නම් බැලුවාම ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. කිව්වොත් කියන්නේ ගොන් කතානේ..
මුට්ටිය දාලා බලනවා කියන්නේ මේකට තමයි...
බන්දුල ගුණවර්ධන කියන කතාව ඇත්ත. අාදායම් බෙදී යාමේ දැඩි විෂමතාවක් ඇති ලංකාව වැනි රටක, වැඩි අදායමක් ලබන උදවිය තමන්ට ලැබෙන ආදායමින් යම් ප්‍රතිශතයක් බදු හැටියට ගෙවිය යුතුයි. එම බදු අධ්‍යාපනය, සෞඛ්‍ය, සමෘධි වැනි රටේ බහුතරයකගේ සේවාවන් සඳහා යෙදවිය යුතුයි...
බදු පනවා භාණ්ඩවල මිල පහත දැමීම සුදුසුයි. හැබැයි සියලු දෙනාට එකම බදු ප්‍රතිශතය පැනවීම සාධාරණ නැහැ. අාදායම් මට්ටම අනුව බදු වෙනස් විය යුතුයි. නිදසුනක් ලෙස මාසික අදායම ලක්ෂයට වැඩි නම් 2% බද්දක් (මසකට රුපියල් 2 000), එක් ලක්ෂ්‍ය පනස් දහසට වැඩිනම් 5% ක් (7500), ලක්ෂ්‍ය 2ක කට වැඩි නම් 10% ක් එනම් 20 000ක් ලක්ෂ 2ක හමාරට වැඩි නම් 12.5 ක් ලක්ෂ 3 ට වැඩි නම් 15% ක් එනම් 45 000 ක් වගේ සුදුසුයි...
ඒකනම් හොඳයි 5%...
ගන්න බදු වලින් මොනවාද කරන්නෙ ඇත්තටම ? බදු ගන්නවා නම්, ඒ මනුස්සයාට පහසුකම් දෙන්න ඔනී. මොකද පෞද්ගලික අංශයේදී මිනිස්සු ප්‍රවාහන සේවා වලදි. තව ඔය රජයෙ ආයතන වලින් වැඩක් කරගන්න ගියාම මාර කට්ටක් කන්න ඔනි. එකක් තමයි, ඔය ආයතන පොඩි දේටත් පැය ගානක් ගන්නවා. නමුත් පෞද්ගලික අංශයේ අයට ශොර්ට් ලීව් එහෙම නැ. ඉතින් විනාඩි පහකින් කරගන්න පුළුවන් වැඩෙට පැය ගනන් ගත්තම අන්තිමට මේ මනුස්සයින්ට දවස් දෙක තුන නිවාඩු දාන්න වෙනවා.
කොරෝනා බද්ධකුත් ගහන්න.