(විනීතා එම් ගමගේ)
රාජ සන්තක කරන ලද වියලි කහ කැබලි සහ කහ කුඩු, කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත මුදාහළ බව ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
එහි කහ කුඩු කිලෝ ග්රූම් 18500 ක් පමණ ද වියලි කහ කැබලි 81500 ක් පමණ ද තිබු බව කරුණාරත්න මහත්මිය කීවාය.
මෙම කහ තොගය ඉකුත් මාසයේ රේගුවෙන් මුදාහල බවත් එය කුළු බඩු මණ්ඩලය විසින් සුදුසු අයුරින් ජනතා පරිභෝජනය සඳහා නිකුත් කරනු ඇති බවත් ඇය කීවාය.
එම කහ තොගය කුළුබඩු අලෙවි මණ්ඩලය වෙත ලැබී ඇති අතර පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව පරික්ෂණ කරමින් සිටින බව කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
පරික්ෂණවලින් පසු කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා ද සතොස හරහා ද අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත්. එම කහ ග්රූම් සියය රුපියල් දෙසීය බැගින් අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
මේ වනවිට වෙළඳපොලේ කහ කුඩු අධික මිලකින් යුක්ත වන අතර ග්රූම් සියය රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ මොනවටද ගන්නේ? මතකත් නැහැ දැන්...!
අර ගෙවල් වල පැළකරපු කහවලත් අල බැස්සාම අපි කහවලින් ස්වයංපෝෂිතයි.
ඇයි දන්නේ නැහැ ගිනි තිබ්බේ නැත්තේ?
වියතුන්ගේ ආණ්ඩුව වරකදී කහ පුච්චනවා... වරකදී කහ විකුණනවා. වියතුනේ ඊළඟට පුච්චනවද? විකුණනවද? සන්තෝසේ බෑ සර්ගේ වියතුන්ගේ වැඩ බලලා...
දැන් ඉතින් කාපන්කෝ කහ.
ලංකාවේ හදපු කහ කෝ?
අල්ලපු හාල් කාගේ ගෙදරද ? ඒවා හොයාගන්න නැහැනේ. කිරිපිටි නැහැ. සැමන් 1යි දෙන්නේ. එළවලු විකුණන ජංගම සේවා හිතුමතේ ගණන් කියනවා. රුපවාහිනියේ විතරක් හරි ලාබයි, සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ රුපවාහිනී සේවා වල විතරක් ලාබෙට ගන්න තියෙනවා .