(නිමන්ති රණසිංහ)
නුවරඑළියේ පොලිස් බංගලාවකදී ඌරු මස් වෑංජනයක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට වසර 2කට පමණ පෙර මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ජේෂ්ඨ පොලිස් අධිකාරියේ ධුරයේ කටයුතු කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් පවසයි.
සිය පවුලේ සාමාජිකයින් සමග නුවරඑළියෙ පොලිස් බංගලාවක නිවාඩුවක් ගතකරමින් සිට ඇති මෙම ජේෂ්ඨ නිලධාරියාට වල් ඌරු මස් අනුභව කිරීමේ ආශාවක් ඇතිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් බංගලාව භාරව සිටි පොලිස් කොස්තාපල් වරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.
පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා උසස් නිලධාරියා ගෙන් මුදල් ලබාගෙන "වල් ඌරු මස්" මිලදී ගෙන පැමිණ ව්‍යාංජනයක් සකසා දී ඇති බවත් සඳහන් වේ.
ආහාර අනුභවයට සූදානම් වූ අවස්ථාවේදී මස් ව්‍යාංජනයේ මස් අඩු බවට තර්ක කරමින් සිට ඇති උසස් නිලධාරියා ඒවා කොස්තාපල්වරයා කෑමට ගෙන ඇතැයි සිතා ඔහුට පහරදී ඇතැයි පැවසෙයි.
උසස් නිලධාරියා ගෙන් පහරකෑමටගෙන් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නුවරඑළිය පොලිසියට ගොස් පැමිණිල්ලක් ද සිදුකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කාලේ පුවත්පත් වාර්තා කරුවෙකුට දකුණේ ඒ.එස්.පී. කෙනෙක් කණ පැලෙන්න ගහපු එකට නඩු නැද්ද? ඇත්තටම ඒ සිද්ධිය යටගහපු හැටි සෙවිය යුතුයි.
නිලධාරියෙක් කියලාවත් කියන්න ලැජ්ජයි.., මේ වගේ කුණු වැඩ කරන අයට...
කාමයේ ආදීනව.
පව් කොස්තාපල් වරයා.
පුදුමයි මෙහෙම මිනිස්සු ගැන.
පොලිසියේ කොයි කෙනත් එකයි.
මොහු කොච්චර අල්ලස් ගන්න ඇද්ද කියල හිතෙනවා
මේ වගේ අයට බරපතල වැඩ ඇතිව දඬුවම් දෙන්න ඕන. ලංකාවේ විනය හදන්න පෙර පොලිසියේ විනය 100% හඬන්න ඕනා
ලංකාවේ නීතිය වල් ඌරු මස් විකුනන්න බෑ .වල් ඌරෙක් මැරුවොත් මරපු අයට තමන්ගේ පවුලේ අය එක්ක කන්න පුළුවන් .සල්ලිවලට මස් වික්ක අය හා මිලදී ගත් අයත් වැරදි .පොලිසිය නීතිය කඩන ගමන් අනුන්ට නීති පිළිපදින්න කියනවා . පොලිස් ලොක්කා හිරේ යවලා පාතාලකාරයෝ ඉන්න කූඩුවකට දාන්න ඕනේ
බිත්තරේ කහ මදේ හරි මැදට තිබුනේ නැහැ කියලා කොකියට ගහපු හමුදා ලොක්කෙකුත් හිටියනේ
ඒ නිරපරාදේ පහර කෑ නිලධාරියා ඉහලට පැමිණිලි කරපු නිසා ඔහොම සිද්ධිය අනාවරණය උනා. ඒත් ඔහොම අනාවරණය වෙන සිද්ධීන් හුඟක් තව ඇති.
කොස්තාපල් වරයාගේ රාජකාරිය විය යුත්තේ මහජනයාට සේවය කිරීමයි
කොහොමද මෙහෙම වැරදි කරපු නඩු තියෙද්දිත් උසස්වීම් ලැබුවේ .ඒ කියන්නේ නඩුවට සාධාරණයක් වෙන්න තියන ප්රවනතාවය ඉතා අඩුයි