(අංජුල මහික වීරරත්න)
රජය ආනයනය කරන කාබනික නයිට්‍රිජන් පොහොරවල මිනිසාට හෝ කිසිම ජීවියකුට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නැතැයි විධිමත් පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අදාල කාබනික පොහොර වර්ග ආනයනය කරන්නේ අන්තර් ජාතික කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සහතික ලත් සමාගම්වලින් පමණක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ එක් එක් පොහොර වර්ගය සඳහා ද අදාල අන්තර් ජාතික කාබනික පොහොර නිෂ්පාදන සහතිකය පවා ලංකාවට ආනයනය කිරීමෙිදී පරීක්ෂා කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා පොහොර නිෂ්පාදන ක්‍රමවේදය තහවුරු කිරීම සඳහා ISO 17065 සහතික ලබා ඇති සමාගම් වලින් පමණක් මෙරටට පොහොර ආනයනය කරන බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලකයන්ට මොනවා තියෙනවා කිව්වත් විද්‍යාත්මක කරුණු ගැන නම් තියෙන්නේ බොහොම ප්‍රාථමික දැනීමක්. ක්ෂුද්‍ර ජීවින් ගැන මේගොල්ලෝ මොනවා දන්නවාද? විෂ සහිත රසායනික අංශු ගැන මොන දැනුමක්ද තියෙන්නේ. ඒ ගොල්ලෝ ඕනිනම් දනී බිස්නස් එකක් නම් කරගන්න විදිය. ඔය පොහොර ජාති වලට අර සහතිකේ මේ සහතිකේ තියෙනවා කිව්වත් කොලේ වහලා මොන මරාලයක් මෙහාට පටවයිද කවුද දන්නේ. අඩු තරමින් මේවා හදපු ක්රමවේදයවත් අපි දන්නවාද? හොඳට මතක තියා ගන්න දියුණු රටවල් වල නම් අඩුම තරමින් පිට රටින් පස් ටිකක් වත් ගන්නේ බොහොම පරික්ෂා කරලා. මොකද රටට හානියක් වෙන්න ගත්තොත් වලක්වා ගන්න බොහෝම අමාරු වැඩක් වෙන නිසා.
කාට කියන්නද මේවා. ඇමති කෘෂිකර්ම විශේෂඥයෙක්!
කාබනික පොහොරේ ක්ෂුද්රජීවීන් නැතිනම් ඒක කාබනික වෙන්න බැහැ..!
කෘමීන්, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර නැහැ. විදේශ රටවලින් ගෙන එන කාබනික පොහොර වල තිබෙන කෘමීන්, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන් 100% ක්ම අහිතකර ණය කියලා සහතිකයක් දෙන්න බැහැ.