මත්කුඩු පිරවූ ටෙනිස් බෝල කන්දකාඩුවටත් පියාඹයි බන්ධනාගාර කිහිපයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් රඳවා සිටින වැලිකන්ද කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස්බෝල දෙකක් විසිකර තිබියදි සොයාගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 24 January 2021
නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 January 2021
අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි. 24 January 2021
අදත් කොරෝනා රෝගීන් 724ක් අද (23) පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 344 දෙනෙකුටද , බන්ධනාගාර කෝවිඩ් පොකුරේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. 23 January 2021
අවිආයුධ සැඟවූ නාවික හමුදා සෙබලා දැලේ ගම්පහ යක්කල පාරේ වෙළඳ සැලක් වටලා එහි සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන රාත්‍රී දුරදක්නයක් හා ටී 56 ජීව උණ්ඩ 38 ක් සමඟ හිටපු නාවික හමුදා සෙබලෙක් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශය පවසයි. 23 January 2021
ලයිබීරීයානු නෞකාවක් අනතුරක ලයිබීරීයානු ධජය යටතේ යාත්‍රා කරමින් සිටි සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් දකුණු මුහුදේ කුඩා රාවනා පරය ආසන්නයේ දී අද (23) අනතුරකට ලක්වී ඇති බව නාවික හමුදාව සඳහන් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 23 January 2021
පුරාවස්තු සොයන්න ගිය 4 ක් බන්ධනාගාරයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. වාසල මහත්මිය අද(23) නියෝග කළාය. 23 January 2021
කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය. 23 January 2021
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත. 23 January 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මියගිය 2කට කොරෝනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි. 23 January 2021
සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියය කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ. 23 January 2021
අද කොරෝනා ආසාදිතයන් 784 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 438 දෙනෙකු අද (22) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 22 January 2021
තවත් කොවිඩ් මරණ 2 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 January 2021
සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 22 January 2021
අටළුගම ඉතිරි ග්‍රාමසේවා වසම් හෙට සිට නිදහස් බණ්ඩාරගම අටලුගම හුදකලා කර ඇති ඉතිරි ග්‍රාම සේවා වසම් හතර හුදකලා බවින් හෙට (23) දින සිට ඉවත් කිරීමට හැකියාවක් ඇති බව සඳහන් නිර්දේශය ලිඛිතව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ බව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනි සමරතුංග මහත්මිය පැවසුවාය. 22 January 2021
රුපියල තවත් පල්ලම් බහී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) නැවත වරක් 199 සීමාව ඉක්මවා පහළ ගියේය. 22 January 2021
කතරගම අනවසර වෙළඳසැල් ඉවතට කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය. 22 January 2021
රියදුරුබලපත් අලුත්කිරීමේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කරයි රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 22 January 2021
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර එන්න විදේශ අමාත්‍යාංශ අනුමැතිය ඕනෑ ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත. 22 January 2021
මිශ්‍ර කසළ අද සිට ගන්නේම නෑ බස්නාහිර පළාත තුළ කුණු කඳු වලට මුදාහරින කසළ නිවෙස් වලින් බැහැරලීමේදී ඉඳුල් සහ පොලිතීන් ලෙස 100% ක් වෙන් කර පළාත් පාලන අයතන කසළ එකතුකරන්නන් වෙත ලබා දීමට නොහැකි නම් එකී කසළ සඳහා සිය නිවෙස් තුළම විසඳුමක් සොයා ගන්නැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා අද (22) පැවසීය. 22 January 2021
කලාශූරී එඩ්වින් ආරියදාස සමුගනී කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබේ. 22 January 2021
චක්‍රලේඛ උපදෙස් නොතකා දරුවන් 16,000ක් සුපිරි පාසල්වලට අරගෙන පළමු වන ශ්‍රේණියේ පන්තියක් සඳහා තෝරාගත යුතු සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදී ඇති චක්‍ර ලේඛ උපදෙස් නොසලකා හරිමින් 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සිසුන් 16,036ක් ප්‍රධාන පාසල්වලට ඇතුළත් කර ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ. 22 January 2021
රාජ්‍ය ඇමැති පියල්ගේ ආරක්ෂකයකුට කොරෝනා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ. 22 January 2021
‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘ අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 22 January 2021
ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු කොරෝනා අවදානම හේතුවෙන් මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත් පත කියයි. 22 January 2021
හෙට කොළඹට වතුර කපයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(23) දිනයේදී පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 22 January 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයිමට ඇමෙරිකාව එකඟවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නැවත ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 22 January 2021
බිළිඳා සම්බන්ධ පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි කෝවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය තම දින 21 වයසැති බිළිදාගේ සිරුර සම්බන්ධයෙන් මියගිය බිළිදාගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද (22) විවෘත අධිකරණයේ දී සදහන් කළේය. 22 January 2021
අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය. 22 January 2021
නැගෙනහිර ජැටියේ ගැටලුව හැඟීම්වලට බරව සිතනු එපා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම සමඟ හවුලේ පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තීරණය බරපතළ මත ගැටුමකට තුඩු දෙමින් තිබේ. එයට හේතුව වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයයි. 22 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026