කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගන්න විමර්ශනයක් කොරෝනා වයිරසය මැඩලීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 20 January 2021
හෝමාගම රෝහලේ හෙද නිලධාරිනියන් 10 ක් ස්වයං නිරෝධායනයට හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු වූ බැවින් ආසාදිත හෙදියගෙ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම සේවයේ නියුතු හෙද නිලධාරිනියන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 20 January 2021
පහරදීමකින් ඇල්ල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් රෝහලේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට අද (20) සවස පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඇතැයි පොලීසිය කියයි. 20 January 2021
ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 20 January 2021
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව පෙබරවාරි 19 වැනිදා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(20 ) නියම කළේය. 20 January 2021
’එහෙමයි-හොඳමයි’ පරපුරක් බිහිකරන්න යනවා වත්මන් ආණ්ඩුව මහජන නියෝජිතයන් සහ පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා කොළඹදී අද(20)පැවසීය. ’එහෙමයි, හොඳමයි’ කියා නියෝග පිළිපැදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් රටේ තරුණ පිරිස හමුදා පුහුණුවකට යටත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 20 January 2021
හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය. 20 January 2021
පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය. 20 January 2021
දිප්පිටියේ පාසල් දෙකක් වහයි-විල්පොලට සංචරණ සීමා අරණායක දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොල අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලය අද (20) පෙරවරුවේ සිට වසා දැමූ බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය. 20 January 2021
‘පැණියක් පසුපස දිවීමෙන් රටේ මිනිසුන් මුලාවට පත් කරලා‘ ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙකලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය 20 January 2021
හැටන් පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 20 January 2021
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපතියාගේ කම්හලේ 10 දෙනාම නිදහස් පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) නියෝග කළාය. 20 January 2021
පලා ගිය ආසාදිතයා පැල්පිටියෙන් සොයාගනී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය ආසාදිතයා අද(20) ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි. 20 January 2021
පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙක් පලායයි වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු ඊයේ (19) රාත්‍රියේ පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 January 2021
ට්‍රක් රිය පෙරළි පදික වේදිකාවේ සිටි 15 ක් මරුට ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් පදික වේදිකාවේ නිදාගෙන සිටි සංක්‍රමණික කම්කරුවන් 15 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 19 January 2021
තවත් කොවිඩ් මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 19 January 2021
අද කොරෝනා ආසාදිතයන් 660 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 323 දෙනෙකු අද (19) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 19 January 2021
මහර බන්ධනාගාරයේ කලහ කළ රැදවියන් 60 ක් රිමාන්ඩ් මහර බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 60 දෙනා පෙබරවාරි 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගම්පහ අංක 02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බංඩාර මහතා අද (19) නියම කළේය. 19 January 2021
පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇප වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120 ක් වටිනා පොල් ගෙඩියක් සොරා ගැනිමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19) නියම කළේය. 19 January 2021
නාඋල ඇගලුම් කම්හල වහන්න නියෝග මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි හා සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ කෝවීඩ් ආසාදිතයින් වාර්තා වූ නාඋල ඇගළුම් ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව නාඋල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතා කියයි. 19 January 2021
නිරෝධායනය වූ අයට අටුළුගමින් බැහැර යන්න අවසර කොවිඩ්-19 වයිරසය ආසාදිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාමට අද (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය. 19 January 2021
සමුළු නිවාස 190 වෙනුවට නිවාස 400 ක සංකීර්ණයක් කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත. 19 January 2021
සිරිපා අඩවියේ රන් දොතලු ගලවා දඩ කයි වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති රන් දොතලු පැළ 60 ක් ගලවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 10,000 දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.ඩී.එස්. වීරවර්ධන මහතා අද (18) නියෝග කළේය. 19 January 2021
එම්.සී.සී. ගිවිසුමේ කරුණු ව්‍යවස්ථාවට පටහැනියි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට අද (19) දැනුම් දී ඇත. 19 January 2021
කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා අද(19)දා පැවසීය. 19 January 2021
රබර් වගාවේ සහනාධාරය 250,000 කින් වැඩිකරයි රබර් වගාව සඳහා අක්කරයකට දෙනු ලබන සහනාධාරය රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත. 19 January 2021
කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. 19 January 2021
යුක්රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ. 19 January 2021
මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු කරන බව පවසමින් සිය ජනතාව ජීවත් වන එම ප්‍රදේශය සැලසුම් සහගතව රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා චෝදනා කළේය. 19 January 2021
වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල්යයි මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය මාර්තු 03 සහ 10 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය. 19 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026