IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද  උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 892 දෙනකු වාර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් කරයි.

ඒ් අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ කියයි

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ආසාදිතයින් වාර්තාවීම මහර - 172 ක්, මිනුවන්ගොඩ - 103 ක්, කටාන - 88 ක්, ගම්පහ, වත්තල සහ බියගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 63 දෙනෙකු බැගින් , අත්තනගල්ල - 55 ක්, දිවුලපිටිය - 54 ක්, මීරිගම - 51 , දොම්පෙ - 50 ක්, ජාඇල - 42 ක්, මීගමුව - 37 ක්, කැලණිය - 24 ක්, සීදූව - 15 ක් සහ රාගම - 12 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 317 දෙනෙකු බවත් එහි සදහන්ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 33,237 දෙනකු අද වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (4)

ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක්

Akila Monday, 13 September 2021 11:14 AM

ගම්පහ නම් දැන් ඔක්කෝටම වගේ හැදිලා ඇත්තේ...

:       2       4

මහසෙන් Monday, 13 September 2021 11:14 AM

ගම්පහ විතරක් නොවේ... මුලු රටේම කොරෝනා රෝගීන් අඩු කරන්න පුළුවන්... හරි සරලයි. පීසීආර් අඩු කළා. ලෙඩ්ඩු අඩු කළා. මේවා ඇත්තමද කියලා රට ඇරියොත් බලාගන්න පුලුවන්...

:       1       6

ගජමෑන් Monday, 13 September 2021 04:48 PM

ආවට පස්සේ බලමු

:       0       0

Shanaka S.K.Jayakody Monday, 13 September 2021 10:50 PM

අපේ ගෙදර මාමයි බිරිඳ සහ බබාලා 2 යි, කොවිඩ් 19 පොසිටිව් උනා , අපි නවලෝක රෝහලේ හිටියේ .අපේ (දොම්පේ ) PHI 9 පාරක් අමතන්න උත්සාහ කලා. ඒක පාරක් කතා කලා.එත් අවේ නැ. අපිව count උනේ නැ .අපේ අම්මලටත් හැදුන .එත් කවුන්ට් උනේ නැ.PHI කිව්වා දැන් රජයෙන් PCR සහ RAT කරන්න එපා කියලා තියෙන්නේ කියල .ඔන්න ඔහොම තමා ගම්පහ කට්ටිය අඩු කරලා පෙන්වන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site