(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
සියලුම මාපියන් වෙනුවෙන් රජයෙනුත් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලිමක් කරනවා, කරුණාකරලා මධ්‍යස්ථ තැනකට එන්න. දරුවන්ගේ අනාගතය නම් ඒ ගැන හිතලා අපි හැම දෙනාම මධ්‍යස්ථභාවයකට ආ යුතුයි. අනුකාරක සභාවේ තීරණය වු 33%වත් ගන්න ගුරු විදුහල්පති සංගම් එකඟයි. රජයත් නිහතාමනී විය යුතුයි. ගුරු විදුහල්පති සංගම් සති දෙකක කාලයක් තිස්සේ මුදල් ඇමතිවරයා හම්බවෙන්න උත්සාහ ගන්නවා. අදවන තුරු මුදල් ඇමතිතුමාගෙන් කොළ එළියක් ලැබිලා නැතැයි රමාඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියෝ පවසති.
ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුවේ නියෝජිත පිරිසක් උන්වහන්සේ හමුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේ ද පැවසූහ.
අද ගුරු වෘත්තියේ 80%ක් ඉන්නේ කාන්තාවන්. බරපතල අර්බූදයක්. පිරිමි මේ වෘත්තියට ආකර්ශනය වෙන්නේ නැහැ. ගුරු වෘත්තිය කියන්නේ දෙවන තුන්වන පංතියේ රැකියාවක්ය කියන එක තමයි පිළිගැනිමට ලක්වෙලා තියෙන්නේ. ඒ නිසායි පිරිමි ගුරු වෘත්තියට එන්නේ නැතිව වෙනත් විශේෂඥ වෘත්තීන් සොයා යන්නේ.
ගුරු වෘත්තිකයන්ගේ ගැටලු සම්බන්‍ධයෙන් සොයා බලන්නට ඇමති අනුකාරක සභාවක් පසුගියදා පත්කරනු ලැබුවා. විමල් වීරවංශ ඇමතිතුමා ප්‍රමුඛ එම අනුකාරක සභාවෙන් තීරණය කෙරුණේ වැටුප් විෂමතාවෙන් ඉල්ලන ප්‍රමාණය නෙවෙයි තුනෙන් එකක තරම් ප්‍රමාණයක් විසඳන්න පුලුවන් කියලා. ඒ සම්බන්‍ධයෙන් ගුරු සංගම් නියෝජිතයන් සමග නිසි අදහස් හුවමාරුවක් වෙලා නෑ. නමුත් ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්‍ෂේප කරනවා. කැබිනට් මණ්ඩලය කියන්නේ ඔවුන් පත්කරපු අනුකාරක සභාවේ නිර්දේශය වූ තුනෙන් එක එගෙවන්න බෑ, ඒ තුනෙන් එකෙන් හතරෙන් එකක් ගෙවන්නම් කියලා. මේක අතිශයින් ම අසාධාරණයක් නෙවෙයි, මේක උපහාසාත්මක ක්‍රියාවක්.
කැබිනට් මණ්ඩලයට අනුකාරක සභාවේ තීරණය පිළිගන්න බැරිනම් ඇයි අනුකාරක සභාවක් පත්කළේ. අනුකාරක සභාවක් කියන්නේ විනිශ්චය සභාවක් වගේ එකක්. ඒකේ තීරණය පිළිගන්නේ නැතුව වෙනස් කරනවා නම් ඒ අනුකාරක සභාව උපහාසයටත් අපහාසයටත් යොමුවෙන්නේ නැද්ද?
අනුකාරක සභාවේ තීරණය වු 33%වත් ගෙවන්න රජය එකඟවිය යුතුයි. ගුරු, විදුහල්පතිවරුන්ගේ ඉල්ලිම ඉන් පූර්ණ නොවුනත් ඒ මට්ටමින් හෝ ගෙවා මේ ගැටලුවට විසඳුම් දෙන්න රජය නම්‍යශිලී වී ගුරුවිදුහල්පතිවරුන්ගේ සහාය ලබා ගත යුතුයි. අනුකාරක සභාවේ යෝජනාව තවදුරටත් හෑල්ලු කරන්න කැබිනට් මණ්ඩලය කටයුතු නොකළ යුතුයි. මේ ආකාරයෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම හෑල්ලුවට ලක්කරන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්නෙ නෑ කියලා එයාලා පඩි එපා කිව්වද ? නෑ. වැඩ කරන්නෙත් නෑ. ඇඳුම් ඇඳගෙන ගිහින් මාසෙ අන්තිමට පඩිය ගන්නවා. වසර ගණනාවක් තිස්සේ පවතින ගැටළුව මේ රටට අපහසු වෙලාවෙ ඇදලා ගත්තේ , බොර දියේ මාළු බාන්න. මේ ක්රිියාව තුළ තියෙන්නෙ නින්දිත අරමුණක්.
දැන් තමයි ප්‍රශ්නේ පැහැදිලිව පෙනෙන්නේ. ආණ්ඩුව මේ වෙලාවේ මේ යෝජනාව පිළිගත යුතුයි !! ස්ටාලින්ටත් තියෙන්නේ තමන්ගේ දේශපාලන මතය ,අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ අරමුණ පැත්තකට දාලා කාලීන සාධාරණ තීරණයට කැමති වෙන්න .
දායකයන් වෙනුවෙන් කටයුතු කරන්න
සල්ලි කොවිඩ් රෝගීන්ට උදව් කරන්න යොදවන්න.
ස්ටාර්ලින් කියන්නේ ගුරුවරයෙක් නෙවෙයි.
ඒ වුනාට ටියුෂන් ගුරුවරුන්ගෙන් 95%ක්ම පිරිමි
යුද ජයග්‍රහණය ලෝකල් ස්ටාලින්ට දිරවන්නේ නැත.. එහි වාඩුව පිරිමැසිමට මෙම පුද්ගලයා උපක්රමිකව සැලසුම් කරයි. යොදා ගන්නේ බහුතර සිංහල ගුරුවරුන්ය. ගුරුවරුන්ටද මෙය තේරුම් ගෙන නැති සේය... මොහුව හසුරුවන්නේ වෙනත් අයයි. ඇරත්, පොලිසියෙන් මොහුව කුදලාගෙන යාමට පාසල් දරුවන් පලි නැත. ගුරුවරුනි, මොහුව තේරුම් ගන්න. කරුණාකර දැයේ දරුවන් වෙනුවෙන් ඔය වර්ජනය අත්හරින්න. තවදුරටත් පව් පුරවා ගන්න එපා.
ජේ ආර් නැති පාඩුව
මෙයාල සෙල්ලම් කරන්නේ පොඩි ළමයින්ගේ ජිවිතත් එක්ක.
අනේ හාමුදුරුවනේ ඔය එකක් වත් වැඩක් නෑ. මගෙ පොඩි එකාට ටියුෂන් කරන්න පන්ති භාර ටීචර් රුපියල් 3000/- ගන්නවා. නිකං ඉඳලා පඩිත් ගන්නවා. මේ කොරෝනා ඇඳිරිනීතිය අස්සෙ අපිට වැඩක් වැටෙන්නේ නෑ මාසෙකට දවස් 10 ක් වත්.
ළමා නිවාස තුළ කිසිම කෙනෙකුට නොපෙනෙන අසරණ ජීවීත පතුලක් නොමැති ආගාධයක හෙටක් ගැන හිතන්න ඊයේ, අද නැති අපට අයිතියක් නෑ.
ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි... ඒත් මේ වෙලාවේ සා.පෙළ සහ උ.පෙළ කරන ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම නින්දා සහගතයි. වර්ජනයට සහභාගි වුණු ගුරුවරු ඔන්ලයින් පන්ති ටික හරියට කරනවා.
කොමිටි පත්කොට, දෙන විසඳුම ආණ්ඩුව පිළිගන්නේ නෑ. කොරෝනා විශේෂඥ කමිටුවටත් එයයි සිදුවුනේ...
පාසල් වහලා අවුරුදු 2ක් වර්ජනය කරන ගුරුවරුන්ට වැඩ නොකර මොන රටේද පඩි ගෙවන්නේ සහ වැඩි කරන්නේ? මේක ආණ්ඩු පෙරළීමේ පොකුරක්.. අපි එදා ඉඳලම කිව්වා රට වහන්න එපා කියලා.