(ඩයනා උදයංගනී)
ඉලක්කගත ජනගහනයෙන් සියයට 50 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් රටවල් අතරට අද (14) දිනයේදී ශ්‍රී ලංකාව ද එක් වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙය රටක් ලෙස සියලු ජනතාව ලබාගත් ජයග්‍රහණයක් බවද ඇමතිවරයා කීවේය.
කුඩා දූපත් රාජ්‍ය හැරුණුවිට මේ වන විට ජනගහණයෙන් සියයට 50 කට එන්නත් ලබ දී ඇත්තේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මැලේසියාව වැනි ජී 7 කලාපයට අයත් රටවල් බවත් ඉන් රටවල් හතරක්ම එන්නත් නිපදවන රටවල් බවත් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් මෙච්චර ප්‍රමාණයක් මැරෙන්නේ..., ආසාධිතයින් විශාල ලෙස හමු වෙන්නේ, රට ලොක්ඩවුන් කරලා තිබෙන්නේ ලංකාවේ දීපු චීන එන්නත අවුල් නිසාද?
යුරෝපයේ මේ වෙනකොට එන්නත් 02ම දීලා තිබෙන්නේ 62% පමණ පිරිසකට, යුරෝපයේ එදිනෙදා කටයුතු 90% සාමාන්‍ය තත්වයට පත්වුණු බව එහි සිටින පිරිස් පවසනවා. අපිට මෙහෙම වුණේ කුමන ප්‍රශ්නයක් නිසාද?
සෞදි අරාබියේ නම් 2 වැනි මාත්‍රාවත් දිලා ගොඩක් කල්.. දැන් 3 වැනි මාත්‍රාව දෙන්නේ...
අපි තමයි හොඳටම කළේ.
අසල්වැසි බහරේන්වලින් ඉගෙන ගන්න කොරෝනා පාලනය කරපු ආකාරය රට වහන්නේ නැතිව.... 50%ක් ගැහුවත් රට වහලා, පාසල් වහලා... රටේ ජනතාව බංකොළොත්..
ඔය පච කියන එක පැත්තකින් තියන්න.
50% ගැහුවට වැඩක් නෑ මහත්තයෝ.. තමාත් රට වහලා නම්.. ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට ලංකාව තවමත් රතු ලැයිස්තුවේ...