(අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් ඔවුන්ගේ බලතල හරියට පාවිච්චි කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කරන්නේ කොරෝනා මර්දනය පසෙක තබා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම පමණක් බව කී මාරසිංහ මහතා වසංගතයක් පැතිරෙන මොහොතක මැතිවරණයක් පැවැත්විය යුතු යැයි කී විපක්ෂ නායකවරයාගේ මොලේ පරික්ෂා කළ යුතු බවද සඳහන් කළේය.
මැති ඇමැතිවරුන් සහ නිලධාරින් මාරු කිරීමෙන් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය නොහැකි බව ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරොප්පෙන් ගොඩ බැහැලා...
සර් පහුගිය මහ මැතිවරණය තිබ්බෙ කොයි වගේ කාලයකද? සර් ඉදිරිපත් වෙන්න නැතුව ඇති මගෙ හිතේ...
පක්ෂය නැති කරපු අය
ඔව්, ඒ යෝධයත් ඔහේ කටට එනඑන දේ කියවනවා. ඔහේලත් හදන්නේ ඒවා අල්ලාගෙන මිනිහගේ පැත්තට ගිය ජනතා මනාපේ ඔය පැත්තට හරවා ගන්න. එහෙම නැත්නම් මිනිහාව ටිකක් පල්ලෙහාට ඇදලා දාන්න. අනේද බොල කියන්නේ?
මේ අයත් ජනතා හඩට ඇහුන්කන් දෙන්නෙ විපක්ෂයෙ ඉද්දි විතරයි. ආණ්ඩු බලයට ආපුවාම මේගොල්ලො කාටත් ජනතා වරමින් පත්වී ඇති බව අමතක වෙනවා. දැන් ඉන්න අයටත් එක්කයි කියන්නෙ. ජනතාව යම් දෙයක් විවේචනය කරනවිට එම වැරැද්ද එවෙලේම හදාගන්න බලන්න. ඒක විරුද්ධ පක්ෂයේ හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියා මාරුවෙන්න හදන්න එපා. අනික ඔය පීත්ත පටි කැපීමෙ සංදර්ශන , කිරිබත් කෑම වගේ දේවල් පුළුවන් නම් නැත්තටම නැති කරන්න. මේ රටේ වහලුන් නොවන අයට දේශපාලකයන්ගෙ නමක් ඇහුනත් තරහ යන තරම් ලංකාවේ දේශපාලකයන්ගෙ ප්‍රතිරූපය වැටිලා ගිහින්.
අනේ අම්මපා ගොයියෝ... කාලෙකින් දැක්කේ හැබෑටම මේ "බෑරක්" යන ගමන්ද ? මේ කෝට් කබායක් ඇඳගෙන..
ඔන්න ඔයාට කියන්න පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කියලා..
අද ගෑස් සිලින්ඩරේ ගේන්න අමතක වෙලාද?
මේ කවුද?
වසංගතයක් කොහේද තියෙන්නේ..? දැන් තියෙන්නේ සාගතයක් සහ ආණ්ඩු විරෝධී පොකුරු පමණයි. කොරෝනා බොරුව ප්‍රවර්ධනය කළ අය ගොඩ. හරිනම් තොප්පිය දාගන්න.