
(චාපා මධුභාෂිණී)
රජය ගෙවල්වලට හොරු පනිනවා වගේ පැනල බලහත්කාරයෙන් වී පැහැරගෙන යන තත්ත්වයකට පත්වෙලා යැයි මැදිරිගිරිය වටදාගෙය භාරකාර මොරගොල්ලාම සීවලී හිමියෝ පවසති.
මැදිරිගිරිය මණ්ඩලගිරිය රාජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී විහාරාධිපති හිමියෝ ඒ බව පැවැසූහ.
මොරගොල්ලාගම සීවලී හිමියෝ මෙසේද කීහ.
මේ මුළු දිවයිනේම ගොවියෝ විශාල අර්බුදයකට පත්වෙලා ඉන්නවා. ඔවුන් ඔවන්ගේ කණ කර පවා උකස් කරලා ගොවිතැන් කරන මොහොතක නෙලා ගත්ත අස්වනු නිසි මිලකට ලබා දීමට නොහැකි වෙල. ඒ නිසා ඔවුන් ඒ අස්වනු නිවෙස්වල ගබඩා කරගෙන සිටිනවා. ගොවියා ඒහෙම කරන්නේ තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් ඒ අස්වැන්න සාධාරණ මිලකට ලබා ගන්නැයි නාඩු වී වලට අඩු තරමින් රුපියල් 65, සම්බාවලට රුපියල්75,කීරි සම්බා සඳහා රුපියල් 90 වශයෙන් මිලකට වී අලෙවි කර ගැනීමට හැකිනම් පමණයි ගොවියට ඔවුන්ගේ අස්වැන්නට සරිලන මිලක් ලැබෙන්නේ.
පසුගිය කන්න ගණනාවක් තිස්සේ ඔවුන්ට යහපත් වී මිලක් තිබුණා. රජය විදිහට වගකිව යුත්තන් විදිහට මේ පිළිබඳව ඉතාමත් සංවේදීව දුප්පත් අසරණ මිනිහ පිළිබඳව හිතන්න ඕනේ. කුඹුරු අක්කරයක් දෙකක් තියෙන ගොවියා ඔවුන්ට ඒ කොටස වගා කරගන්න බැරි වුණම පොරොන්දුවට දීලා තමයි වී ඇටයක් ගන්නේ. ඒ නිසා වී වලට නිසි මිලක් ඒනකල් ගොවිතැන් කරපු මිනිහා වී ටික ගබඩා කරගෙන ව්‍යාපාරිකයන්ටවත් නොදී ඉන්න තත්ත්වෙට පත්වෙලා.
රටපුරාම ආන්දෝලන මැසිවිලි පවතින වෙලාවක අහින්සක මිනිහත් ගොවියත් බේරා ගැනීමේ වැඩපිළිවෙලක රජය කටයුතු නොකළොත් නුදුරේදී විශාල අර්බුදයකට පත්වෙනවා කියලා අපි කියනවා.
රජය වී කිලොවක් රුපියල් 55 තීන්දු කරපු බවක් අපිට දකින්න ලැබුණා ඒ ඒකට ගොවියා සතුටු වන මට්ටමක් අපිට පෙනෙන්න නෑ. වී කිලෝවක් රුපියල් 55ට දීලා සිමෙන්ති මිටියක් ගන්න පුළුවන්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 1300 යි, මේසන් බාස් කෙනකුගේ වැටුප රුපියල් 3000 යි. වැලි ටේලරයක් රුපියල් 10.000 විතර වෙනවා. මිනිහකුට ගෙයක් හදාගන්න බැරි මට්ටමකට පත්වෙලා තියෙනවා. සිල්ලට බඩු මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේවා මිනිසුන්ට උහුලන්න බැරි තරමටම මිල වැඩි වෙලා තියෙනවා. ඒත් වී මිලට සාධාරණයක් වුනේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියන් පිළිබඳ සැබෑම කතාවක්...
හා හොඳයි... වී 70වට අරගෙන හාල් 50ට දෙන්න....
හැමදාම අපේ රජය ගොවියාට සාධාරණයක් කරනවා මිසක් නරකක් කරන්නේ නැහැ.
රට ඇරපු ගමන් උද්ගෝෂණයක් කරමුද?
රුපියල් 30 ට තිබුණු වී කිලෝවක් වත්මන් රජය මගින් රුපියල් 50 දක්වා වැඩි කළා. දැන් රුපියල් 55 ක් කර තිබෙනවා. තවත් වැඩි කරන්නද රජයට කියන්නේ. වී මිල තවත් වැඩි කළහොත් පාරිභෝගිකයාට සහල් කිලෝවක් දෙන්න වෙන්නේ කීයටද? ගොවියෝත් දැන් වෘත්තීය සමිති කාරයින්ගේ මට්ටමට ඇවිත් වගෙයි පේන්නේ...
හාමුදුරුවනේ ගොවියෝ වගේ කීපගුණයක් පාරිභෝගිකයින් ඉන්නවා. කෝවිඩ් නිසා ඒ මිනිස්සුන්ගේ තියෙන ආදායමත් නැතිවෙලා. වියදම් කලමනාකරණය කරගෙන ගොවිතැන් කරන්න බැරි නම් අපි ඉන්දියාවෙන් හාල් ගේමු. එතකොට ගොවි සහනාධාර වලට යන මුදලත් ඉතුරුයි.
දන්නා තරමට රජය සීල් තිබ්බේ මහා පරිමාණ වී ගබඩාවලට. එතනයි මාෆියාවක් ක්‍රියාත්මක වුණේ. මේ හඬ කා වෙනුවෙන්දැයි අපහැදිලියි.
වී වලට හොඳ මිලක් දුන්නොත්, හාල්වල මිල ඉබේම වැඩිවෙනවා. වී මිල වැඩි කරලා හාල් මිල අඩුකරන විදිහක් මට නම් තේරෙන්නේ නැහැ.
කෝටිපති මුදලාලිලාට ගොවියෝ කියලා රැවටිලා.
පන්සල් වල බණ හා ආගමික කටයුතු ඇසීමි. බෞද්ධ විහාරස්ථානය තුළ මාධ්‍ය මුදා හැරීමේ හැසිරීම ගැන අසන ලද පළමු අවස්ථාව මෙයයි. මෙය ටෙලි නාට්‍ය පටිගත කිරීමක් ද?