කොටිකාවත්තෙන් අද කොරෝනා රෝගීන් 62 ක් හමුවේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අද (27) දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 27 January 2021
කොරෝනා මරණ 290 ට නගී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2021
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 742 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 431 දෙනෙකු අද (27) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 27 January 2021
අසන්ත තේරීම් කමිටුවත් අතහරී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තතුරෙන් ඉල්ලා අස්වී ඇත. 27 January 2021
චමත් පළිහපිටිය කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට ඉල්ලන්න යයි ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෝටිපති ආයෝජකයෙකු සහ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ප්‍රධාන විධායක නිලධාරියෙකු වු චමත් පළිහපිටිය 2022 වසරේදී කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට නියමිත යැයි බිස්නස් ඉනසයිඩර් සම බ්ලූම්බර්ග් ප්රවෘත්ති සේවා අද (27) වාර්තා කළේය. 27 January 2021
ආදම්ගේ පාලම ගැන නව ගවේෂණයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි ආදම්ගේ පාලම (Adam’s Bridge) ආශ්රිත මුහුද යට විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත. 27 January 2021
ව්‍යාපෘතිය අවලංගු කළේ කෝටි 236ක් වියදම් කළාට පස්සේ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කරනවිටත්, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2364ක මුදලක් වැය කර තිබූ බව රජයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. 27 January 2021
නාකොටික් 5 දෙනාට ඇප දෙනවාට නීතීපති විරුද්ධයි රිමාන්ඞ් බාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සීමීත විරෝධතා ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා දැඩිව විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට අද (27) දැනුම් දුන්නේය. 27 January 2021
චීනයේ සිනෝෆාම් එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයක් ලංකාවට කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළේය. 27 January 2021
සභාපතිට පහරදුන් මන්ත්‍රීවරියත් රෝහලේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතාට පහරදුන් බව කියන එම සභාවේ මන්ත්‍රීවරිය ද අද (27) පස්වරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා මීගහකිවුල දිසා රෝහලට ඇතුලත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි. 27 January 2021
මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට අද (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. 27 January 2021
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නොතීසී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය. 27 January 2021
වනජීවී ඇමැති කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනය වෙයි වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා යළිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත. 27 January 2021
මන්ත්‍රීවරියකගෙන් පහර කෑ සභාපති රෝහලේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 27 January 2021
වසන්ත යාපා බණ්ඩාර තෙල්දෙණිය නිරෝධායන මධ්‍යස්ථානයට කොවිඩ්-19 ආසාදිත බවට පසුගිය 24 දින හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා අද (27) තෙල්දෙණිය නිරෝධායන මධ්‍යස්ථනායට ප්‍රථිකාර සදහා යොමු කර ඇත. 27 January 2021
ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධයක ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල පෙර සවි අංගන වැඩබිමෙහි සේවකයෝ පිරිසක් අද(27) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ. 27 January 2021
මැතිසබේ රැස්වෙන දිනවල මන්ත්‍රීන්ට ‘ඇන්ටිජන්’ පරීක්ෂණ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී මන්ත්‍රීවරුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට එහි ප්‍රධානීන් තීරණය කර ඇත. 27 January 2021
පෙට්‍රල් භූමිතෙල් එකට ගහලා අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් සිය වාහනවල ඉන්ධන ටැංකියට පුරවන පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27 ) වාහන රියදුරන් හා එම ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. 27 January 2021
සංහිඳියාවට බාධා නොකිරීම ජාතිමාමක සැමගේ වගකීමක් ජාතික සහ ආගමික සංහිඳියාව හා සබැඳි කරුණු කිහිපයක් පසුගිය දිනවලදී රටේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණි. ඉන් එකක් වූයේ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් නීතිඥයන් පිරිසක් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියයි. 27 January 2021
රැඳවියෝ 50 ක් මාස 2 ක් හිරේ මහර බන්ධනාගාර ගැටුමේදී එහි දේපොළවලට හානි කරමින් බන්ධනාගාර ආඥා පනතේ 71 වගන්තිය උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් රැඳවියන් පනස්දෙනකුට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර මහතා මාස දෙක බැගින් වූ සිරදඬුවම් ඊයේ (26) නියම කළේය. 27 January 2021
අටුළුගම සංචරණ සීමා ඉවත් කරයි පුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට අද (27 )අලුයම කටයුතු කෙරිණි 27 January 2021
අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. 27 January 2021
හලාවත-කොළඹ බස් වර්ජනයක් හලාවත කොළඹ අතර ධාවනය වන සාමාන්‍යය සේවා බස් රථ සේවකයින් අද ( 27 ) උදේ සිට කාලයේ සිටි ධාවන කටයුතු වලින් ඉවත් වි වර්ජනයක නිරතව සිටිති. 27 January 2021
පල්ලම රාජ්‍ය බැංකුවක් වසා දමයි පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමියා කොවිඩ්- 19 ආසාධිතයකු වීමත් සමග එම බැංකු ශාඛාව වසා දමා ඇති බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 January 2021
හෙරොයින් සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී දැලේ අම්බලන්ගොඩ පොලිසියේ බුද්ධි නිලධාරින් ලද තොරතුරක් මත, හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 45 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ මහා වීදියේදි අද(27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 January 2021
පල්ලියමුල්ල ඝාතනයේ සැකකරුවකු අල්ලයි පානදුර පල්ලිය මුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චතුරංග හෙවත් චතු නැමැත්තා අද (27) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි. 27 January 2021
සුරඟනන් මල්ගෙන ගිය ශ්‍රීපාද පාර ප්‍රතිසංස්කරණයට අනුමැතිය ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් ගමන්ගන්නා ප්‍රධාන මාර්ග තුන අතරින් එකක් වූ කුරුවිට එරත්න මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2021
ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 27 January 2021
චොකා මල්ලි රෝහලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. 26 January 2021
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 748 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 379 දෙනෙකු අද (26) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 26 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026