(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව මහ බැංකුවත් දේශපාලනය කරන තැනක් බවට පත් කර ගැනීම නිසා මහ බැංකුව තිබූ ගැන තිබූ ලෝකයේ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත් පලුදු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඉතිහාසයේ පළමුවරට මහ බැංකු අධිපති ධුරය සඳහා දේශපාලනඥයකු පත්කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා මහ බැංකුව ස්වාධීන ආයතනයක් යැයි ඉතිහාසයේ සිට තිබූ මතයට වත්මන් ආණ්ඩුව කළු පැල්ලමක් එක් කළ බවද සඳහන් කළේය.
ජනතාවට කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් රස මසවුළු කමින් බොමින් ප්‍රීති සාගරයේ ගිලී සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කදුළු සාගරේ කියල රන්ගේය හොටු පෙරන්නේ...... ඇමතිහොරු ප්‍රීති සාගරේ කියලයි රන්ගේය කියන්නේ...... විපක්ෂේ තක්කඩි වන අප ගැන කියනුම මොන කතාද........ බොරුවෙන්ම ජීවත්වෙන තොපි ගැන මිනිසුන් නොදන්නෙද ....
කබ්රාල් මහතා හිටමු මහ බැංකු අධිපති. එතුමා ලාංකිකයෙක්. අර විදේශිකයෙක් ගෙනැල්ලා මහ බැංකුවට දාලා ඒක කොල්ලකාපු එක අමතක වෙලා වෙන්නැති මුන්නැහේට..
කබරයා උරගයෙක් හලෝ.කොහෙන් හරි ජරාවක් මලකුණක් හොයාගෙන කනවා. කබරාලත් ඒ වගේ.මොනව හරි කරල ජරාව හොයාගෙන කාල රටම ගඳ ගස්සනවා.
මෙයාලා බලයේ ඉන්නකොට ජනතාවගේ දුක දැනෙන්නේ නැති එකනේ කරුමේ. බලය නැතිනම් හොඳට තේරෙනවා.
මෙතුමා උත්සාහ කරන්නේ ඇමතිවරු සතුටෙන් ඉන්නවා කියලා.. ඉරිසියාව පතුරලා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න වගේ... මොන අැමැතිද මේ කාලේ සතුටින් ඉන්නේ?
රංගේ අපි කෙලින් කතා කරමුකෝ. මේ අනම් මනම්, එක එකාගේ වස්ත්‍ර සේදීම වැඩකට නැහැ මෙන්ම නිකරුනේ කාලය කාදැමිමක්නේ. ඒ නිසා මීලගට මොනවා හරි කියන්න ඕනේ නම් අර අඩුපාඩුව මේ අඩුපාඩුව නොකියා ඊලග වතාවේ අපිට බලය දෙන්න අපි මුළු රටම දිව්‍ය ලෝකයක් කරන්නම් එහෙම හොද නැද්ද.
හම්මෝ මෙයා මැජික් කාරයනේ .පුතාගේ විස්කි බෝතල් වතුර කරපු මනුස්සයනේ .මෙයාගේ කෙරුම්
ජල වොඩ්කා ඉවරයි ද දන්නේ නැහැ...
ඔයාලාගේ අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න කාලේ අපි දෙක්ක ස්වාධීනත්වය. ඒ කාලේ ඇමතිලාට සුපිරි නිවාස තෑගිත් ලැබුනත්, ඔවුන්ට එකත් අමතක් වෙලා.
ඒ කාලේ මතක් වුනාම මේවට හිනා යනවා.