(සුජිත් හේවාජුලිගේ)
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩුවූ එම තනතුරේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය පත්කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වූයේ ඉකුත් 9 වැනිදාය.
පෞද්ගලික හේතු මත තමා ඉල්ලා අස්වන බව වික්‍රමසිංහ මහත්මිය එම
තනතුරින් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන්විය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට ජනාධිපතිවරයා තවමත් සුදුස්සකු පත් කර නැතැයිද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කෙරුණේ 2020 ජනවාරි මස
17 වැනිදාය.
මේ අනුව ඇය එම තනතුරේ වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතන සැමදා දියුණුවක් නොලබන්නේ පලපුරුදු අය සිටියදී අහසින් පාත්වුණා වගේ කෙනෙකු ඉහළ තනතුරට පත්කරන නිසායි. මෙම මහත්මිය මෙහි දිගුකලක් පලපුරුද්දක් සහිත අයෙක් නම් අධ්‍යක්ෂ ජෙනරාල් කිරීමේ වරදක් නැහැ නේද?
මෙයාලව දැකගන්න කීයක් අයකරනවද?
කවුරු ආවොත් සර්ට කඩේ ගියොත් ගොඩ... නැතිනම් මඩ තමයි.
මේ තනතුරට ගැළපෙන්නේ පහුගිය දවස්වල හිරගෙවල් වලට පැනපු කෙනා
සත්තු වත්තේ මුල් පුටුවට සරිලන රාජපක්ෂ කෙනෙක් හෝ ඒ නමට ගැලපෙන කෙනෙක් හෝ හොයාගන්න බැරි වුනේ මොකද කියලා සමහරු අහනවා.