(නිමන්ති රණසිංහ)
කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා (14) රාත්‍රීයේ ගුවන්තොටුපලට ලද ඊමේල් පණීවිඩයකට අනුව මෙසේ ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.
මෙලෙස ලද තොරතුර තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් ගුවන් තොටුපළවල ආරක්ෂාව තරකළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි පැවසෙයි.
අයි එස් අයි එස් සහ තලෙයිබාන් මතවාදයන් සමඟ අභිප්‍රේරණය වූ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළද සක්‍රීය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානින් විසින් මෙරට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදෙනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ නාට්‍යයක්..!
මොනා ආරක්ෂා කරන්නද
වහාම ක්‍රියාත්මක වී එවැනි උවදුරු මුලින් උපුටා දැමිය යුතුයි
අපි නිකමට හිතමු, එවැනි ප්‍රහාරයක් එල්ල වීමක් ගැන තොරතුරු ලැබිල තියනවා කියලා. ඉතින් ඒක එහෙම නම්, මේ විදිහට පත්තරවල ප්‍රසිද්ධ කරලා හරියනවද? රහසේ කල යුතු වැටලීම් ප්‍රසිද්ධියේ මාධ්‍ය වල පල වෙනවා.
ඡන්දෙට හොඳ නැකතක් අනුරාපුරේ ඥාණක්කාගෙන් හම්බවෙලා වගේ...
ඇත්ත . මේ වෙලාවෙ දැඩි අවධානයෙන් සිටීම කාලෝචිතය . ඇෆ්ගනිස්තානයේ වාතාවරණය එච්චරටම හොඳ මදි .
ආණ්ඩුවේ විලි වහගන්න කරන උත්සාහයක්...
ජනතා අප්‍රසාදය උච්චතම වෙනකොට මේ වගේ කොටි හෙවනැලි, මුස්ලිම් අන්තවාදී හෙවනැලි ගේන එක මේ රජයේ සිරිතක්...!
හදිසි නීතිය තවදුරටත්ද?
මේ මෙතන කොටන සෙට් එක පාස්කු දවසේ මෙහෙම ආරක්ෂාව දැම්මා නම් මෙහෙමම කියයි. නොදැම්මොත් එහෙම, තොරතුරු තිබිලත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා දෙස් දෙවොල් තියයි.
හැකිනම් ඉතාලියේ හංගපු කළු සල්ලි අරගෙන එන ප්ලේන් එකට ගහන්නකෝ. අහසේදීම වැඩේ අවසන් කරන්න.