
තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළට පැමිණෙමින් තිබූ සැකකට යුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ තිබී පාර්සල් 10ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අල්ලගත්තා කියලා ප්‍රවෘර්තිය කියවන්න නෙමේ අපි කැමති .ඒ මත ද්‍රව්‍ය විනාශ කළා කියන ප්‍රවෘර්තිය දකින්න .විනාශ කරන බවක් නම් දකින්න නෑ අල්ලගත්තට