(යොහාන් භාසුර)
විදේශ රැකියාවල නිරතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැමුන් රජයට විශාල බදු ආදායමක් අහිමිකරමින් කාලයක් සිට කරගෙන යන ‘විස්කි’ ජාවාරමක් පිළිබඳව රේගුවේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය.
එම පුද්ගලයන් ජාවාරම්කරුවන් සමඟ එක්ව ‘විස්කි’ බෝතල් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ගමන් ම`ඵවල සඟවාගෙන ගුවනින් පැමිණ ගුවන්තොටුපළෙන් පිටවීමෙන් පසුව ඒවා නැවත ජාවාරම්කරුවන්ට ලබාදෙන බව කී රේගු නිලධාරියා ඇතැමුන් නැව් මගින් යොමු කරන භාණ්ඩ පෙට්ටිවල ‘විස්කි’ බෝතල් සිය ගණනින් සඟවා ගෙන එන බව ද සඳහන් කළේය.
මැදපෙරදිග රටවල්වල රැකියා කරන පුද්ගලයන් ඔවුන් එහි පාවිච්චි කළ භාණ්ඩ ඇතුළත් පෙට්ටි ශ්‍රී ලංකාවට යොමු කිරීමේදී ශීතකරණ, ගෑස් උඳුන් සහ රෙදිසෝදන යන්ත්‍ර ආදි උපකරණ ‘විස්කි’ බෝතල් සඟවා යොමු කරන බවත් මෙය සංවිධානාත්මක ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා පැවසීය.
එම ජාවාරම්කරුවන් මැදපෙරදිග රටවල ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවන් ද මෙම ජාවාරමට නතුකරගෙන ඇති බව මේ වන පෙණෙන්නට ඇති බව පැවසූ එම නිලධාරියා ‘විස්කි’ ජාවාරමෙන් රජයට අති විශාල බදු ආදායමක් අහිමිවන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරයි චෙක් කරන්න බැරි උනේ .අනිත් ඔක්කොම චෙක් කරලා ,හොරුයි ,බඩුයි අල්ලාගෙන ,ලංකාව සමුර්ධිමත් කරලා තියෙන්නේ
අහිංසක මිනිසුන් අවුරුදු ගානක් දුක් විඳලා එනකොට ගේන විස්කි බෝතලේට අරින්න ඒ පාර මාන බලන්නේ .මේ මූසල රජය මුන්ට හෙනම ගහපන්
විස්කි බෝතලයක් ගෙනත් තට්ටු ගෙවල් හදන්න පුළුවන් කමක් නෑ. ඒත් කුඩු කිලෝවක් ගෙනාවම පුළුවන්. ඒ නිසා කුඩු , අයිස් වගේ බොහොම අන්තරාදායක දේවල් ගැන මෙනෙහි කරන්න.
මෙහෙම වෙලා තියෙන්නේ ලංකාවේ මත්පැන්වල ගුණාත්මක භාවයක් නැති නිසයි.. රට අරක්කු බොන අය දන්නවා මේ දෙකේ වෙනස, ඇත්තටම ලංකාවේ බහුතරයකට තමන් ගෙවන මිලට හොඳ මත්පැන් පානය කිරීමට වාසනාවක් නැහැ. මේ වගේ බොරු සංදර්ශන තියන්නේ නැතුව අදාල බලධාරීන් කළයුත්තේ ලංකාවේ නිෂ්පාදනය කරන මත්පැන්වල ගුණාත්මකභාවය වැඩි කිරීමයි.
හැම දේටම අල්ලගන්නේ විදේශ ශ්‍රමිකයෝ... කරුණාකරලා ඔබලා දුක්මහක්සි වෙලා හම්බ කරන සල්ලි වියදම් කරලා වැකේෂන් එකට වෙන රටකට ගිහින් විවේක අරන් නැවත වැඩේට යන්න.
මත් වතුර වලින් සෑම රජයකම ලබන ලාභයට සමාන තුන්ගුණයක් මත්වතුර පාවිච්චි කිරීම නිසා ලබාගන්නා අතුරු දේවල් සඳහා ජනතාවගේ බදුමුදලින් වියදම් කරනවා. සෞඛ්‍ය රිය අනතුරු නඩුහබ ආදී නොයෙකුත් දේවල්...
දැන් මේ වගේ ජාවාරම් අහු වෙනවා නේද . අවදානය හොදයි
මේක නම් බොරුවක්
රටට රුපියල් බිලියන ගනනක් වන්චා කල සීනි හොරා ඉස්සෙල්ලා අල්ලලා ඉන්න.
කවුරුහරි ඇමැති කෙනෙක් ඇති
එතකොට රේගු නිළදාරින් කූට උපක්‍රම මගින් රේගු බදු මගහැර විදේශීය මත්පැන් රැගෙනයාම අවුලක් නැද්ද......?
මේ වගේ පිස්සෝ අම්මපා .දැන් මේක තමයි වැදගත් ම දේ
ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ තැබෑරුමක් වගේ මත් දියර විකුණනවා. සාරි ඇඳගෙන, ටයිකෝට් දාගෙන කරන මේ වැඩේ නතර කළ යුතුයි. මැදපෙරදිග රටවල්වල කොහෙද විස්කි. ඒක පිස්සු කතාවක්.
ඇත්තටම දැන් ලංකාව බදු මුදල් වලින් දුවන තරමට රට බංකොලොත් වෙලා.
කවුරුවත් විස්කි බෝතල් 50,100 දාන්නේ නෑ. වැඩිම වුනොත් 4,5 ක් දානවා ඇති. මේ අය හදන්නේ ඒකටත් වැඩේ දෙන්න. නීතියෙන් ගේන්න පුලුවන් 2L.. මේවාටද ජාවාරම් කියන්නේ...? සුරාබදු එකට ලොක් ඩවුන් එකෙන් කෝටි ගණන් පාඩූ වෙනකොට දැන් අමාරුව වැඩිවෙලා...
රේගුව කියන්නේ හොර ගුහාවක්.. පිටරටින් එන බඩු පෙට්ටි කඩලා ඒවායේ තියෙන දේවලුත් හොරකම් කරන අය ඉන්නේ... ලොක්කන්ගේ සහායත් ලැබෙනවා. රේගුවේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ දනිති.
රටේ ලොකුම හොරුන් ඉන්න තැනක්..
මෙවැනි දේවල් වෙනවා මං මගේ ඇස් දෙකට මෙවැනි සිදුවීම් දැකලා ියනවා