( තිළිණි ද සිල්වා )
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇත.
විදේශ අමාත්‍යාංශ ල්කම් ධූරය දරමින් සිටියදී 2020 වසරේ දෙසැම්බර් 04 අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ රවිනාථ ආර්යසිංහ මහතාට වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු ලංකාදීපයට පැවසීය.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී මාස 9ක කාලයකට පසුව ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති අතර ඒ අනුව රවිනාථ ආර්යසිංහ මහතා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතය.
මාස 9කට ආසන්න කොටි කාලයක් ඇමෙරිකාව වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළද රවිනාථ ආර්යසිංහ මහතා එම ෙකටි කාලය තුළ දී එරට කොංග්‍රස් මණ්ඩල සභිකයින් පස් දෙනෙනෙකු ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා යෝජනවක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීම වළක්වා ගැනීම් , ඇමෙරිකාවෙන් කොවිඩ් මර්දන එන්නත් මෙරටට ගෙන්වා ගැනීම හා එරට සිටින විදෙස්ගත ලාංකික ප්‍රජාවගේ සහාය ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60 ක් මොන වයසක්ද? ඒකට අපේ රටේ 75,80, පැනපු අයත් බදාගෙන වැඩ කරන්නේ?
රාජ්‍ය සේවයේ නිලදාරීන් වයස 50 වැඩි සියල්ල පඩි ගෙවා ගෙදර තබා නව මානයකට රට ගෙන යා යුතුයි.
අපරාදෙ ටිකට් එකට ගිය වියදම, අවුරුදු දෙකක්වත් සේවය කළා නම්..?