(නිමන්ති රණසිංහ)
මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් පස්දෙනකු හෙට (16) දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දුන්නේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 290 වගන්ති ප්‍රකාරව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඔවුන් පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේය .
මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන මෙම විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙසේ සොයාගත් මළසිරුර සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනියගේ ස්වාමි පුරුෂයාගේ බවත්, සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කරමින් සිටින බවත් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෝ
රණවිරු දඩයම...
රටේ රාජ්‍ය හමුදා අංශයක් හෝ එහි සාමාජිකයින් පිරිසක් තම බලය සහ හැකියාව යොදාගෙන රට වැසියන්ගේ ජීවිතයට හානිය කල පලමු අවස්ථාව මෙය නොවේ! බොහෝ විට අද තිබෙන රණවිරු ගාය හෝ දේශප්‍රේමය නිසා මේ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් විය හැක!
ආරක්‍ෂක අංශයේ 95% ක්ම ඉතා යහපත් ය. ඒ ගැන සැකයක් නැත. ඔවුන් කරන්නේ මේ මොහොතේ කළ නොහැකි රැකියාවක්. මෙම නඩුවේ දැන් කුමක් සිදු වේදැයි ශ්‍රී ලංකා පොලිසිය දනී. ඔවුන් වරදකරුවන් නම් මෙය පාතාලයට වඩා නඩුවකට සම්බන්ධයි. ඔවුන් පාතාල ලෝකයේ ප්‍රමුඛයන් ලෙස සැලකිය යුතු අතර ඔවුන්ට කුමක් කළ යුතු දැයි දැන සිටිය යුතුය. එසේ නැත්නම් එය පාතාලය බවට පත් වනු ඇත.
මිනීමරුමක්නම් හිරේ ගියාට බය වෙන්න දෙයක් නැහැ .එලියට් ගන්නවනේ .වෙන සුළු වැරද්දක් කලොත් තමයි බය වෙන්න ඕනේ